Home අද ගෝඨාභය කරපු දේම අනුරත් කරන්න යනවා – අපිට ඉන්න රටකුත් නැතිවෙයි

ගෝඨාභය කරපු දේම අනුරත් කරන්න යනවා – අපිට ඉන්න රටකුත් නැතිවෙයි

3666
0

අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයෝ දෙදෙනාම කළ නොහැකි දේ කියමින් ජනතාව මුලා කරමින් සිටින බව  අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

පැල්මඩුල්ලේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” ජනහමුවට එක්වෙමින් අමාත්‍යවරිය මේබව ප්‍රකාශ කළාය.

“මාත් එක්ක අනුර කුමාරත් කැබිනට් එකේ හිටියා. ලාල් කාන්ත ඇමතිතුමත් චන්ද්‍රසේන ඇමතිතුමා විජිත හේරත් ඇමතිතුමත් හිටියා.  අපි එක්ක ඒ ආණ්ඩුව හදපු අය වැඩක් කරලා තියෙනවාද?. කෘෂිකර්ම වාරිමාර්ග ඇමති විදිහට අනුර කුමාර රත්නපුරට මොනවද කළේ. වැව් දාහක් හදනවා කිව්වා. නමුත් එක වැවක් වෙනුවට ඇනිකට් එකක්වත් හැදුවද?

දැන් ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළියට දාලා අනුර කුමාර මහත්තයා කියනවා බදු අඩුකරලා රාජ්‍ය ආදායම අඩුකරනවලු. සහනදෙනවලු. අනුරයි සජිතුයි දෙන්නම මාරුවෙන් මාරුවට කරන්න බැරි වැඩ කියමින් ජනතාව ගොනාට අන්දනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු අපිටත් රටේ ඉන්නත් බැරිවුනේ බදු අඩුකරපු නිසා.

ඒ නිසා මේ වෙලාවේ රටට අවශ්‍ය වෙන්නේ පොරොන්දු මලු පිටින් දෙන විහිලුකාරයෝ නෙවෙයි.  සාම්ප්‍රදායික දේශපාලකයෝ නෙවෙයි රටට අවශ්‍ය වෙන්නේ. මේ රටට අවශ්‍ය වෙන්නේ යථාර්තවාදි දර්ශනයකින් යුතු දැක්මක් තියෙන වැඩපිළිවෙලක් තියෙන නායයෝ. රටට ඇත්ත කියන බොරු පොරොන්දු දෙන්නේ නැති ආර්ථික වැඩපිළිවෙලක් තියෙන එකම නායකයා රනිල් වික්‍රමසිංහ පමණයි කියලා මම කියන්න කැමතියි. ඔහුව ජයග්‍රහණය කරලා රට වෙනුවෙන් වගකීම ඉටුකරන්න එකතුවෙන්න කියලා මම සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.” යැයි වැඩිදුරටත් සඳහන් කළාය.

Previous articleවහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම වගා ණය කපා හැරේ
Next articleජනාධිපතිවරණයේදී සජිත් කරන්නේ මනමේ කුමාරි කරපු වැඩේ – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here