Home අද අපේ ආණ්ඩුවක් ආවම ගොවීන්ට සතුටෙන් අඩියක් ගහන්න පුළුවන් – අනුර

අපේ ආණ්ඩුවක් ආවම ගොවීන්ට සතුටෙන් අඩියක් ගහන්න පුළුවන් – අනුර

2111
0

ගොවි ජනතාව බැංකුවලින් ලබාගෙන ණය ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ යම් ප්‍රමාණයකින් කපා හැරීමකට ලක් කරන බව ජාතික ජන බලවේග ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

තම ආණ්ඩුවක් යටතේ ගොවිතැනට අවශ්‍ය තෙල් හා පොහොරවල මිල අඩු කිරීමටත් අස්වැන්නට සාධාරණ මිලක් ලබාදීමටත් දැනටමත් සැලසුම් සකස් කර අවසන් බවද ඔහු පැවසීය.

අද වී විකිණීමෙන් අනතුරුව ණය ගෙවා දුකට අඩියක් ගසා ගසා එන ගොවියා ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ කමතේදීම අසවැන්න විකුණා සතුටට අඩියක් ගසා ගෙදර ඒමට හැකි බවද ඔහු කියා සිටියේය.

ජාතික ජන බලවේගය විසින් ජනාධිපතිවරණය වෙනුවෙන් කන්තලේ ප්‍රදේශයේදී සංවිධානය කරන ලද ජන රැළියක් අමතමින් අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කරන ලදී.

Previous articleආර්ථික සමෘද්ධිය කරා රට ගෙනයන “පුළුවන් ශ්‍රී ලංකා” එළිදක්වයි
Next articleමාලිමාව එනවා කියන කෘතීම රැල්ලට කොටස් වෙළඳපොළ කඩා වැටෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here