Home අද මාලිමාවට ඡන්දය දෙනවා කියන්නේ IMF සමඟ ගිවිසුම අවසන් කිරීමක් – අචාර්ය හර්ෂ...

මාලිමාවට ඡන්දය දෙනවා කියන්නේ IMF සමඟ ගිවිසුම අවසන් කිරීමක් – අචාර්ය හර්ෂ ද සිල්වා

1093
0

ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්වෙන ආකාරයට කටයුතු කළහොත් දැනට ක්‍රියාත්මක ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් ඇනහිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ජාතික ජන බලවේගයට ඡන්දය දීම යනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති ගිවිසුම අවසන් කිරීමට ඡන්දය දීමක් බවයි.

මෙවර ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වුණේ එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නැවත සාකච්ඡා කරන බවට එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් වන අතර ඒ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් මෙසේ පවසයි.

“ජාතික ජන බලවේගය මඟින්ම පිළියෙල කරන විකල්ප ණය තිරසරකරණ විශ්ලේෂණයක් මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම ගැන යළි සාකච්ඡා කරන්නේ නම් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර දැනට ක්‍රියාත්මක විස්තීර්ණ ණය පහසුකම ඉදිරියට ගෙනියන්නේ කෙසේද?

ණය තිරසරකරණ විශ්ලේෂණය යනු සියලු මූල්‍ය ඉලක්කවල පදනම මෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණයේ පදනම බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ඒ අනුව බැලූ විට පෙනී යන්නේ ජාතික ජන බලවේගයට ඡන්දය ප්‍රකාශ කිරීම යනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම අවසන් කිරීම බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

Previous articleජනපති අතින් “සොබාධනවි” විවෘත කෙරේ
Next articleමැතිවරණය දවසේ රාත්‍රියට ශ්‍රී ලංකාව බංග්ලාදේශයක් විය හැකියි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here