Home අද PAYE බද්ද සංශෝධනය කරන්න IMF සමඟ එකඟතාවක් – ජනපති කියයි

PAYE බද්ද සංශෝධනය කරන්න IMF සමඟ එකඟතාවක් – ජනපති කියයි

1137
0

උපයන විට ගෙවන බද්ද හෙවත් PAYE බද්ද සංශෝධනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට පැමිණ ඇති බවත්, ඒ පිළිබඳව ඉදිරියේ දී දැනුම් දෙනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කරලනු වස් අද දින ඇහැලියගොඩ දී පැවති ජන රැලිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“තව ප්‍රශ්නයක් තමයි උපයන විට ගෙවන බද්ද. ඒකත් විශාල ප්‍රශ්නයක්. IMF සංවිධානයයි අපියි එකඟ වෙලා තියෙනවා, ඒක සංශෝධනය කරන්න වුවමනායි කියලා. මූලික තීරණය අරගෙන ඉවරයි. අපි එක යෝජනාවක් දාලා තියෙනවා. ඒ අය තව යෝජනාවක් දාලා තියෙනවා. ඉතිං මේ යෝජනා දෙක සාකච්ඡා කරලා අපි එකඟත්වයකට ආවාම ඒ නියම ගාණ අපි මෙතන දැනුම් දෙන්නන්.”

Previous articleමැතිවරණය දවසේ රාත්‍රියට ශ්‍රී ලංකාව බංග්ලාදේශයක් විය හැකියි
Next articleඅමාරු කාලේ ඉන්නේ නැති මිනිස්සු දැන් ඇවිත් මොනා කරන්න ද? – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here