Home අද එල්ලුම්ගස් නියම වෙලා ඉන්න උන් නිදහස් කරන්න ලෑස්ති අයව තමයි මාධ්‍ය උස්සන්නේ...

එල්ලුම්ගස් නියම වෙලා ඉන්න උන් නිදහස් කරන්න ලෑස්ති අයව තමයි මාධ්‍ය උස්සන්නේ – SF

583
0

ජනතාව නොමඟ යැවීමට වැඩි වශයෙන් කටයුතු කරන්නේ මාධ්‍ය බවත්, ජාවරම්කරුවන් මෙන්ම එල්ලුම්ගහට නියම වී සිටින අයට නිදහස දීමට සූදානම් අපේක්ෂකයින් මාධ්‍ය විසින් ජනතාව ඉදිරියේ ඔසවා තබන බවත් ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා පවසනවා.

ඊයේ (15) සිය නාම යෝජනා ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සරත් ෆොන්සේකා මහතා මේ බව සඳහන් කළා.

තමා බලයට පත් වුවහොත් හොරුන් මෙන්ම හොරකම් සඳහා සම්බන්ධ සියලුදෙනා නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන බවද සරත් ෆොන්සේකා මහතා මෙහිදී පවසා සිටියා.

මෙහිදී මාධ්‍යවේදියෙකු අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් විමසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේ රටේ නායකයෙකු බවට පත්වීමට අපේක්ෂා කරන කවර පුද්ගලයෙකු වුවද ඔහු මින් පෙර රට තිබෙන මට්ටමට වඩා යහපත් මට්ටමකට ගෙන ඒම සඳහා ඉහළ ප්‍රමිතියකින් කටයුතු කළ අයෙකු විය යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මහතා,

“ගෝඨාභයව ඉස්සුවනෙ පණ දාගෙන මාධ්‍ය, අන්තිමට රට කාල ගුටි කාලා පැනල ගියා. මාධ්‍ය වගකීමක් ඇතුව වැඩ කරන්න මේ අවස්ථාවෙදීවත්..ජනතාව නොමඟ යවන්නේ මාධ්‍ය මඟින්, හුඟක් ජනතාව රැස්වීම්වලට එන්නේ නැහැ, ඒගොල්ලො මාධ්‍ය දිහා බලාගෙන ඉන්නවා, මාධ්‍ය පුළුවන් තරම් ජනතාව නොමඟ අරිනවා. මාධ්‍යටත් ඕන ජාවරම්කරන්න පුළුවන් මිනිස්සු සෙට් එකක්. මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ ව්‍යාපාරවලට උදව් කරන මිනිස්සු. එල්ලුම්ගස් නියම වෙලා ඉන්න උන් නිදහස් කරන්න ලෑස්ති කට්ටිය, ඒ වගේ අය තමයි මාධ්‍ය උස්සන්නේ.”

Previous articleගුවන්තොටුපොළට A/C බස් එපා – සංගමයක් විරෝධයේ
Next articleසජිත්ගේ අඩුව පුරවන්නේ මම – හිරුණිකා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here