Home අද සජිත්ගේ මැතිවරණ මෙහෙයුම අධීක්ෂණය කිරීම ජලනිට භාරගනී

සජිත්ගේ මැතිවරණ මෙහෙයුම අධීක්ෂණය කිරීම ජලනිට භාරගනී

1163
0

සමඟි ජනබලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම අධීක්ෂණය කිරීම සඳහා ජලනි ප්‍රේමදාස ආර්‍යාව විසින් භාරගෙන ඇති බව දේශපාලන ආරංචිමාර්ග වාර්තා කර තිබේ. ඒ අනුව ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් සිදුකරනු ලබන සෑම කටයුත්තක්ම ඇයගේ පූර්ණ අධීක්ෂණයට ලක්කෙරේ.

සමඟි ජනබලවේගය තුළ එවැනි අධීක්ෂණ භූමිකාවක් ඉටුකලහැකි මට්ටමේ දක්ෂ කළමනාකරණ හැකියාවකින් යුතු අයෙකු නොමැති වීම නිසා ඇය විසින් මෙම වගකීම භාරගෙන තිබේ.

ඒ අනුව ඉදිරියේදී ආසන මට්ටමින් සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ආසන සංවිධායකයින් විසින් සැලසුම් කරනු ලබන වැඩසටහන් පළමුව ජලනී ප්‍රේමදාස ආර්යාව වෙත යොමු කොට ඇයගේ අදහස් විමසීමෙන් අනතුරුව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ශ්‍රී සුගත ශාසන ප්‍රසාදිනී ගෞරව සම්මානයෙන් පිදුම්ලැබ ඇති ජලනී ප්‍රේමදාස ආර්යාව මෙරට සිටින නිහතමානීම කාන්තා චරිතයක් ලෙස බොහෝ කලක පටන් ජනතාවගේ සම්භාවනාවට පාත්‍ර වී තිබේ.

Previous articleඅධිකරණ ඇමතිකම යළිත් අලි සබ්රිට
Next articleවතු කම්කරු අවම වැටුප රුපියල් 1700 යි – පඩි පාලක සභාව තීරණය කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here