Home අද වයින් ස්ටෝර්ස් බලපත්‍ර සියල්ල අහෝසි කරනවා – නලින් බණ්ඩාර සජිත් ජනපති...

වයින් ස්ටෝර්ස් බලපත්‍ර සියල්ල අහෝසි කරනවා – නලින් බණ්ඩාර සජිත් ජනපති වුනාම කරන දේ කියයි

1204
0

සජිත් ප්‍රේමදාස මහතාගේ රජයක් යටතේ මත්පැන් බලපත්‍ර සියල්ල අහෝසි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා අද(07දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 22 කු මත්පැන් බලපත්‍ර රැගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අතර මහජන නියෝජිතයෝ මත්පැන් බලපත්‍ර ලබාගැනීමට තමා විරුද්ධබවද හෙතෙම පැවසීය.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ප්‍රසිද්ධියේ විචේචනය කරන සජබ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන්ම මත්පැන් බලපත්‍ර ගැනීමද අනුමත කළ හැකි බවද මන්ත්‍රීවරයා කීවේය.

මේ සඳහා පිළිතුරු දෙමින් නලීන් බණ්ඩාර මහතා පැවසුයේ සජිත් ප්‍රේමදාස මහතාගේ රජයක් යටතේ සියලු මත්පැන් බලපත්‍ර අහෝසි කරන බවයි.

Previous articleපොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්න – අරගලයේ නායකයින්ට කුට්ටිආරච්චිගෙන් ආරාධනා
Next articleඅපිට රනිල් කෙනෙක් හිටියා. බංග්ලාදේශයට රනිල් කෙනෙක් නෑ. වෙනස ඒකයි – වක්කුඹුර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here