ලංකාවේ ආර්ථිකය එළැඹෙන නොවැම්බර් දෙසැම්බර් කාලය වන විට කඩා වැටෙන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සඳහන් කරයි.
තමන් දන්නා ආර්ථික විද්‍යාව අනුව මෙම සිදුවීම අනිවාර්යෙන්ම සිදුවන බවද ඔහු පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මේ බව සඳහන් කර සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ජනහමුවක් අමතමිනි.
කෙසේ වුවත් ජනතාව ඊට බිය වීමට අවශ්‍ය නොවන බවත් ලංකාව වැටෙනකොට බලා ගැනීමට පක්ෂය සූදානම් බවත් සඳහන් කළේය .