ජාතික ජනබලවේගය පක්ෂය බලය ලබාගැනීමට බොරු නොකියන බවත් රටේ බලය ලබා ගැනීමට මේ රටේ ඡන්ද දායකයන්ට වැඩිම බොරු කියා ඇත්තේ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායම බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
පළාත් පාලන ආයතන වල සිටි හොරුන් දූෂිතයන් වෙනත් පක්ෂ වලින් වෙස් මුහුණු බැඳගෙන ඉදිරිපත්ව ඇති අතර ඔවුන් එලවා දමන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව සඳහන් කර සිටියේ හැටන් ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
මේ වන විට වත්මන් ආණ්ඩුව ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට කටයුතු කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.
ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඔහු සහභාගී වන සෑම ජනහමුවකදිම ජාතික ජනබලවේගය පක්ෂය බොරු නොකියන බව පුනරුච්චාරණය කරමින් සිටීම කැපීපෙනෙන කාරණයක් වී තිබේ.