Home අද නියත ජනපති රනිල් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප තැන්පත් කරයි

නියත ජනපති රනිල් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප තැන්පත් කරයි

809
0

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීනව ජනාධිපතිවරණයට පැමිණෙන බව තහවුරු කරමින්  ඇප මුදල්ද තැන්පත් කර තිබේ.

මෙවර (2024)  ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රථම අපේක්ෂකයා ලෙස වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  වෙනුවෙන් ඔහුගේ සහෝදරයා වන චන්න වික්‍රමසිංහ, ජනාධිපති නීතිඥ රොනල් පෙරේරා, හා නීතිඥ යසස් ද සිල්වා විසින් රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී ඇප තැන්පත් කිරීම මීට සුළු මොහොතකට පෙර සිදු කළා. ඒ අනුව ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරග කිරීම තහවුරු කර තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතුළු පක්ෂ ගණනක බහුතරයක් ප්‍රසිද්ධියේම ඉල්ලීම් කර තිබුණි.

ඒ අනුව ස්වාධින පොදු අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වනු ඇත.

Previous articleඅනුරගේ තවත් පචයක් අතේ පත්තු වෙයි – හරීන් ලිපියකින්ම පිළිතුරු දෙයි
Next articleපොලිස්පතිවරයාට එරෙහිව ලබාදුන් වාරණ නියෝගය වලංගු ‌නැහැ – අගමැති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here