Site icon Newshub

නියත ජනපති රනිල් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප තැන්පත් කරයි

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීනව ජනාධිපතිවරණයට පැමිණෙන බව තහවුරු කරමින්  ඇප මුදල්ද තැන්පත් කර තිබේ.

මෙවර (2024)  ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රථම අපේක්ෂකයා ලෙස වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  වෙනුවෙන් ඔහුගේ සහෝදරයා වන චන්න වික්‍රමසිංහ, ජනාධිපති නීතිඥ රොනල් පෙරේරා, හා නීතිඥ යසස් ද සිල්වා විසින් රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී ඇප තැන්පත් කිරීම මීට සුළු මොහොතකට පෙර සිදු කළා. ඒ අනුව ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරග කිරීම තහවුරු කර තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතුළු පක්ෂ ගණනක බහුතරයක් ප්‍රසිද්ධියේම ඉල්ලීම් කර තිබුණි.

ඒ අනුව ස්වාධින පොදු අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වනු ඇත.

Exit mobile version