Home අද ශ්‍රි ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කරයි

ශ්‍රි ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කරයි

1334
0

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් වලට අද  එළඹ තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව මෙරට ද්වීපාර්ශික ණයහිමියන්ගේ නිල කමිටුව සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ අවසන් එකඟත්වයක් ඇති කරගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන 2024 පැරිස් සංසදයට සමගාමීව මෙම අවසන් එකඟතාවයට පැමිණ ඇත.

අමෙරිකානු ඩොලර් බිලියන 5.8ක ණය ප්‍රතිව්‍යුහගතකරණ සම්බන්ධයෙන් මෙලෙස අවසන් එකඟතාවට එළැඹ තිබේ.

මෙම අවසන් එකඟතාවයට අත්සන් කිරීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ එක්වී තිබුණි.

නිල ණයහිමි රටවල කමිටුව නියෝජනය කරමින් එහි සම සභාපතිත්වය දරන ඉන්දියාව, ප්‍රංශය සහ ජපානය එම අවස්ථාවට සහභාගී විය.

මේ අතර ශ්‍රී ලංකාව සහ චීනයේ අපනයන ආනයන බැංකුව අතර ද්විපාර්ශ්වික ණය ගිවිසුම් අත්සන් කිරීමේ ක්‍රියාවලියක ද නිරතව සිටින බව ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

 

Previous articleඋරුමයට බාධා කරන නිලධාරීන් ගැන මට කියන්න – ජනපති
Next articleඅධ්‍යාපනය සඳහා වූ ජාතික විශ්වවිද්‍යාලයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here