Site icon Newshub

ශ්‍රි ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කරයි

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් වලට අද  එළඹ තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව මෙරට ද්වීපාර්ශික ණයහිමියන්ගේ නිල කමිටුව සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ අවසන් එකඟත්වයක් ඇති කරගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන 2024 පැරිස් සංසදයට සමගාමීව මෙම අවසන් එකඟතාවයට පැමිණ ඇත.

අමෙරිකානු ඩොලර් බිලියන 5.8ක ණය ප්‍රතිව්‍යුහගතකරණ සම්බන්ධයෙන් මෙලෙස අවසන් එකඟතාවට එළැඹ තිබේ.

මෙම අවසන් එකඟතාවයට අත්සන් කිරීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ එක්වී තිබුණි.

නිල ණයහිමි රටවල කමිටුව නියෝජනය කරමින් එහි සම සභාපතිත්වය දරන ඉන්දියාව, ප්‍රංශය සහ ජපානය එම අවස්ථාවට සහභාගී විය.

මේ අතර ශ්‍රී ලංකාව සහ චීනයේ අපනයන ආනයන බැංකුව අතර ද්විපාර්ශ්වික ණය ගිවිසුම් අත්සන් කිරීමේ ක්‍රියාවලියක ද නිරතව සිටින බව ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

 

Exit mobile version