Home අද ශ්‍රී ලංකාව ලොව සංචාරය කිරීමට හොඳම රටවල් තුන අතරට

ශ්‍රී ලංකාව ලොව සංචාරය කිරීමට හොඳම රටවල් තුන අතරට

1666
0

ෆෝබ්ස් සඟරාව විසින් ප්‍රකාශයට පත්කළ නවතම වාර්තාවකට අනුව සංචාරය කිරීම සඳහා ලොව හොදම රටවල් තුන අතරට ශ්‍රී ලංකාව එක්ව තිබේ

ඒ අනුව 2024 ගිම්හාන සෘතුවේ දී සංචාරය කිරීම සඳහා ලොව හොඳම රටවල් තුන ලෙස ශ්‍රී ලංකාව, ග්‍රීසිය සහ මොරිසිය යන රටවල් නම් කර ඇති බව වාර්තා වේ.

මේ වසරේ පළමු කාර්තුව තුළ ලොව මිලියන 285ක පමණ පිරිසක් ජාත්‍යන්තරව සංචාරය කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 20ක වැඩවීමක් බව සඳහන්ය.

ඉදිරි මාස කිහිපය තුළ අමෙරිකානුවන් විශාල පිරිසක් ජාත්‍යන්තරව සංචාරය කිරීමට නියමිත අතර 2022,2023 කාලය තුළ පමණක් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විදෙස් ගමන් බලපත්‍ර මිලියන 24ක් නිකුත් කර ඇති බව ෆෝබ්ස් සඟරාව පෙන්වා දෙයි.

මේ වසරේ ගිම්හාන සෘතුවේ දී සංචාරකයින් යුරෝපා රටවලින් ඈත්ව සිටිය යුතු බව ද ෆෝබ්ස් සඟරාව පෙන්වා දී තිබේ.

සංචාරය කිරීම සඳහා වඩාත්ම සුදුසු ගමනාත්ත ලෙස ශ්‍රී ලංකාව, ග්‍රීසිය සහ මොරිසිය හඳුන්වා දිය හැකි බව එම වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකාව සශ්‍රීක උස්බිම්වලින් සහ විස්මිත වෙරළ තීරයන්ගෙන් යුත් දූපතක් වන අතර බාලි හා සමාන සංචාරක ආකර්ෂණයක් පවතින බව ෆෝබ් සඟරාව පෙන්වා දෙයි.

සංචාරකයින් සඳහා සුඛෝපභෝගී මට්ටමේ පහසුකම් ශ්‍රී ලංකාව තුළ පවතින අතර ස්වභාව සෞන්දර්ය අත්විඳීම සඳහා ජාතික වනෝද්‍යාන 22ක් ද පවතින බව එම වාර්තාවේ සඳහන්ය.

දරුණු ආර්ථික අර්බුදයෙන් සහ මෑත කාලීන සිදුවීම්වලින් සුවය ලබමින් සිටින ශ්‍රී ලංකාව මේ වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන අතර පෙරමුණේ පසුවන බව ෆෝබ්ස් සඟරාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

 

Previous articleරට විරුවන්ගෙන් ලංකාවේ ආර්ථිකයට ලැබුන තල්ලුව
Next articleශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව 39% දක්වා ඉහළට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here