Home අද ඉරානය සහ ශ්‍රී ලංකාව අවබෝධතා ගිවිසුම් පහකට අත්සන් තබයි

ඉරානය සහ ශ්‍රී ලංකාව අවබෝධතා ගිවිසුම් පහකට අත්සන් තබයි

2503
0

ශ්‍රී ලංකාව සහ ඉරානය අතර   අවබෝධතා ගිවිසුම් පහක් අත්සන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය. මෙලෙස අත්සන් තැබූ ගිවිසුම් පහ වන්නේ,

චිත්‍රපට කර්මාන්තයේ සහයෝගීතාවය සඳහා වූ අවබෝධතා ගිවිසුම,

මාධ්‍ය සහ සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාවය සඳහා වූ අවබෝධතා ගිවිසුම,

ඉරාන සමුපකාර මණ්ඩලය සහ ශ්‍රී ලංකා ජාතික සමුපකාර සභාව පිළිබඳ අවබෝධතා ගිවිසුම,

ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජාතික පුස්තකාලය සහ ලේඛනාගාරය සහ ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය අතර සහයෝගීතාවය සඳහා වූ අවබෝධතා ගිවිසුම,

සංස්කෘතිය විද්‍යාත්මක තාක්ෂණික සහයෝගීතා ජනමාධ්‍ය තරුණ සහ ක්‍රීඩා වැඩසටහනට අදාළ අවබෝධතා ගිවිසුම යන ගිවිසුම්ය.

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව මෙම ගිවිසුම් අත්සන් කර තිබේ

 

 

Previous articleඅද සිට ආනයනික කිරිපිටි මිල පහළ දැමේ
Next articleඅහස යා කරමින් Ratnadipa විවෘත කෙරේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here