Home අද ඉහළ පෙලේ චීන ධූත පිරිසක් සහ ජවිපෙ නායකයන් හමුවේ!

ඉහළ පෙලේ චීන ධූත පිරිසක් සහ ජවිපෙ නායකයන් හමුවේ!

37
0

චීන කොමියුනිස්ට් පක්ෂයේ අන්තර් ජාතික දෙපාර්තමේන්තුවේ උප ඇමතිනී සහ චීන තානාපතිවරයා ඇතුලු චීන රජයේ නියෝජිතයින් පිරිසක් ඊයේ (24) ජවිපෙ නායකයින් හමුවූහ.

No description available.

මෙම අවස්ථාවට ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක සහෝදරයා සහභාගි වූහ.

දීර්ඝ කාලයක් තිස්සේ චීන කොමියුනිස්ට් පක්ෂය සහ ජවිපෙ අතර පවතින දේශපාලන මිත්‍රභාවය පිළිබඳවත් ඉදිරි ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙනුත් මෙහිදී අවධානය යොමු විය.

මේ අතර චීන නියෝජිත පිරිස ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සහ ආණ්ඩුවට තේරී පත්වූ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද හමුවූහ.

Previous articleකොළඹ වරායේ බටහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතියට ඇමෙරිකාවෙන් රතු එළියක්
Next articleඉම්රාන් ට නිදහස ඉල්ලා දහස් ගණන් පාරට – 4000 ක් අත්අඩංගුවට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here