Home අද විපක්ෂය විකල්ප යෝජනා ඉදිරිපත් කලත් දැන් යන මාවත තමයි වඩාත්ම හොඳ –...

විපක්ෂය විකල්ප යෝජනා ඉදිරිපත් කලත් දැන් යන මාවත තමයි වඩාත්ම හොඳ – IMF කියයි

2433
0

මේවනවිට ශ්‍රී ලංකාව නිවැරදි මාවතක ගමන් ගන්නා බවත් ශ්‍රී ලාංකික ජනතාව දුෂ්කර අන්දමින් ගොඩනගාගත් දේ ආපසු හැරවීමට කටයුතු නොකිරීම වැදගත් බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත කණ්ඩායමේ ප්‍රධානී පීටර් බෲවර් මහතා ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ තුන්වන වාරිකය ලබාදීම සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණි බව දැනුම්දීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පැවැත්වු මාධ්‍ය හමුවේදී හෙතෙම මේබව ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත කණ්ඩායමේ ප්‍රධානී පීටර් බෲවර් මහතා,

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව පැමිණි එකඟතාවයට අනුව මේ වන විට ශ්‍රී ලංකාව යහපත් ප්‍රගතියක් අත්පත් කරගනිමින් සිටිනවා. ආර්ථික වාතාවරණය ක්‍රමයෙන් ස්ථාවර වෙමින් පවතිනවා. මීලඟ පියවර වන්නේ නිල ණය හිමියන් සමග අවසන් එකඟතාවයටන්ට පැමිණීම සහ වැඩසටහනේ පරාමීතීන්ට අනුකූලව බාහිර ණය හිමියන් සමග ප්‍රධාන බාහිර පුද්ගලික ණය හිමියන් කලානුරූපීව ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණීමයි.

ශ්‍රී ලංකාවට අර්බුදයෙන් මිදී ප්‍රකෘතිමත්වීමට අවස්ථාවක් හිමිව තිබෙනවා. ඒ සඳහා වු මාවත පිහිතල ඇතිරූ දුෂ්කර මාවතක් . එය අප මතක තබාගත යුතු කාරණයක්. ආර්ථිකයේ හරිත සලකුණු ධනාත්මක වර්ධනයක ආරම්භට ලෙස සැලකිය හැකි අතර එය ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීම වැදගත්.

ඒවගේම අපි විකල්ප අදහස් වලට සවන් දෙන්න සූදානම් . වැදගත් කරුණ වන්නේ පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලාංකික ජනතාව දුෂ්කර අන්දමින් ගොඩනගාගත් දේ ආපසු හැරවීමට කටයුතු නොකිරීමයි. යැයි පැවසීය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සිව් අවුරුදු වැඩසටහනක් යටතේ පසුගිය වසරේ මාර්තු 20 වැනිදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9 ක ණයක් අනුමත කළ අතර ඇමරිකානු ඩොලර් මිලියන 330 ක් වන එහි පළමු වාරිකය ලෙසත් පසුගිය වසරේ මාර්තු මාසයේත් දෙවැනි වාරිකය දෙසැම්බර් මාසයේදී හිමිවුණා.

 

Previous articleකථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වේ
Next articleපෙබරවාරියේ උද්ධමනය පල්ලම් බැහැලා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here