Home අද කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වේ

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වේ

2428
0

විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය. ඒ අනුව යෝජනාවට පක්ෂව ඡන්ද 75 ද විපක්ෂව ඡන්ද 117 ක් ද ලැබී තිබිණි.

කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පසුගිය(19දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

තෙදින විවාදයක් ලෙස එය පැවැත්වු අතර  අද( 21) දිනයේදී ප.ව 4.30 ට ඒ සම්බන්ධ ඡන්ද විමසීම පැවැත්වීය.

ඡන්ද විමසීම අවසානයේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් සිය ස්ථාවරත්වය සඳහන් කරමින් අදහස් දැක්වීය.

Previous articleමුදල් නෝට්ටු විකෘති කළොත් වෙන දේ
Next articleවිපක්ෂය විකල්ප යෝජනා ඉදිරිපත් කලත් දැන් යන මාවත තමයි වඩාත්ම හොඳ – IMF කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here