Home අද 2025 වසරේ සිට පියවරෙන් පියවර මෝටර් රථ ආනයනයට අවසර

2025 වසරේ සිට පියවරෙන් පියවර මෝටර් රථ ආනයනයට අවසර

2250
0

2025වසරේ සිට ක්‍රමානුකූලව මෝටර් රථ ආනයනය කිරීමට කටයුතු කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මෝටර් රථ ආනයනයට මේ අවස්ථාවේදී අවසර ලබාදුනහොත් රට ආපස්සට ගමන් කරනු ඇති බවයි. තරුණ හමුවක් අතර තුර ජනපතිවරයාට යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

“ලබන වසරේ සිට අපි එය ක්‍රමානුකූලව සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. මෝටර් රථ වෙළඳපොලේ පවතින ගැටළු පිළිබඳ මම දැනුවත්. නමුත් තවමත් අපගේ ගෙවුම් ශේෂය යහපත් තත්ත්වයක නැහැ. අපි මෝටර් රථ ආනයනය හැර අනෙක් සියල්ලට ඉඩ දී තිබෙනවා.

මොටර් රථ ආනයනයනය සිදු වුවහොත් නැවත රට ආපස්සට ගමන් කිරීමට හැකියාව තිබෙනවා. නමුත් ලබන වසරේ සිට පියවරෙන් පියවර, මුලින්ම අත්‍යවශ්‍ය වාහන වර්ග ආනයනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ වසරේ සංචාරකයින් ප්‍රවාහන සඳහා යොදා ගන්නා බස් රථ ආනයනයට අප අවසර දී තිබෙනවා.”

Previous articleරටේ ආර්ථිකය පිළිබඳ පෙර අය කළ වරද මං කරන්නේ නෑ – ජනපති
Next articleවී මිලදී ගන්න රුපියල් කෝටි 50ක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here