Home අද රටේ ආර්ථිකය පිළිබඳ පෙර අය කළ වරද මං කරන්නේ නෑ – ජනපති

රටේ ආර්ථිකය පිළිබඳ පෙර අය කළ වරද මං කරන්නේ නෑ – ජනපති

2866
0

රටේ ආර්ථිකය පිළිබඳ සත්‍ය අවබෝධ කර නොගෙන, බලය ලබා ගැනීම වෙනුවෙන් ලබාදුන් දේශපාලන පොරොන්දු නිසා රටේ ජනතාවට දැඩි පීඩාවකට ලක්වීමට සිදු වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එම වරද කිරීමට තමා සූදානම් නැති බව අවධාරණය කළ ජනාධිපතිවරයා සත්‍යයට මුහුණ දෙමින් රටට සුබවාදී අනාගතයක් ගොඩනගා ගැනීමට සියලුදෙනා කටයුතු කළයුතු බවද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “යුනයිටඩ් යූත් තරුණ එකමුතුව “ තරුණ අපේ අනාගතය” නමින් සංවිධානය කළ සුහද හමුවට එක්වෙමිනි. මෙම හමුව තැප්රොබේන් ඒන්ටර්ටේට්මන්ට්හීදි ඊයේ (12) පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ රටේ ආර්ථිකය ගොඩනැගීමේදී අප කඩිනමින් අපනයන ආර්ථිකයකට යොමු විය යුතු බවයි.

විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන තරුණ තරුණියන් විශාල පිරිසක් මෙම හමුවට එක්ව සිටි අතර, ඔවුන්ගේ ප්‍රශ්න ඍජුවම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට ද මෙහිදී අවස්ථාව සලසා දී තිබිණි.

එම සියලු ප්‍රශ්නවලට සාධනීය පිළිතුරු ලබාදීමට කටයුතු කළ ජනාධිපතිවරයා තරුණ තරුණියන් සමග සුහද කථා බහකට ද එක් විය.

මෙම කතිකාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණිම සනිටුහන් කරමින් “යුනයිටඩ් යූත් තරුණ ඒකමුතුවේ” උපදේශක නියෝමාල් පෙරේරා මහතා විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය

Previous articleNSBM වෛද්‍ය පීඨයට කැබිනට් අනුමැතිය. දෙස්-විදෙස් සිසුන් 500ක් බඳවා ගැනීමට පියවර
Next article2025 වසරේ සිට පියවරෙන් පියවර මෝටර් රථ ආනයනයට අවසර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here