Home අද වී මිලදී ගන්න රුපියල් කෝටි 50ක්

වී මිලදී ගන්න රුපියල් කෝටි 50ක්

693
0

වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට රුපියල් කෝටි 50ක මුදලක් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13) තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මේ යටතේ හෙට (15) සිට සෑම දිස්ත්‍රික්කයකම අඩු තරමින් වී ගබඩා දෙකක් බැගින් වී මිලදී ගැනීමට විවෘතව තැබීමට නියමිතය.

මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 02ක මුදලක් ඉල්ලමින් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කළත්, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ඒ සම්බන්ධව කිසිදු ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. එම නිසා ගොවි භාරකාර අරමුදලෙන් රුපියල් මිලියන 250ක මුදලක් ලබාගෙන එමඟින් වී මිලදී ගැනීම වී අලෙවි මණ්ඩලය විසින් ආරම්භ කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් වී මිලදී ගැනීමට කිසිදු සහයෝගයක් ලබා නොදුන් බව කී අමාත්‍යවරයා, ඊයේ ගරු ජනාධිපතිතුමා සෘජුවම මෙම කටයුත්තට සම්බන්ධ වූ බවත්, ඒ අනුව රුපියල් කෝටි 50ක් ඒ සඳහා ලබා දීමට තීරණය කළ බවත් ප්‍රකාශ කළේය.

තවත් ජනාධිපතිතුමන් සමඟ රජය විසින් වී මිලදී ගැනීමේ අවශ්‍යතාවය පැහැදිලි කළ බවත්, තම ඉල්ලීමට සාවධානව ඇහුම්කන් දුන් ගරු ජනාධිපතිතුමා මෙම මූල්‍ය ප්‍රතිපාදන වහාම ලබාදීමට තීරණය කළ බවත් අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පාදුක්ක තරුණ කෘෂිකර්ම ව්‍යවසායකත්ව ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කරමිනි.

Previous article2025 වසරේ සිට පියවරෙන් පියවර මෝටර් රථ ආනයනයට අවසර
Next articleරාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කයේදී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here