Home අද කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමාගේ කාන්තා දින පණිවුඩය

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමාගේ කාන්තා දින පණිවුඩය

3233
0

කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන අතරවාරයේදීම කාන්තාවන් සේවයේ යෙදවීමට අදාලව නම්‍ය ශීලී සේවා නියුක්ති ක්‍රමවේදයන් අනුගමනය කරමින්, ශ්‍රම බලකායේ කාන්තා දායකත්වය වර්ධනය කිරීම සදහා අවශ්‍ය නෛතික සහ සක්‍රීය ප්‍රතිපත්තිමය පියවර අනුගමනය කරන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අවධාරණය කර සිටී.

මේ සදහා වන පියවර රැසක්ම මේ වන විට ගෙන ඇතැයි ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා සදහන් කරයි.

වාර්ශිකව ඇමරිකානු ඩොරල් බිලියන 1.7 ක පමණ ආදායමක් රට තුළට ගෙන එන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ එක්ලක්ෂ පනස් දහසක් පමණ මේ වන විට සේවය කරන අතර මේ වන විට එහි කාන්තා දායකත්වය සියයට 24ක් පමණ වේ. ඉදිරියේදී එය සියයට 40 දක්වා ඉහළ නැංවීම සදහා අපේක්ෂා කරනු ලබයි. තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ ක්ෂේත්‍රයන්හි සේවිකාවන්ගේ සහභාගීත්වය වර්ධනය කිරීම සදහා සාප්පු හා කාර්යාල සේවක පනතට නව සංශෝධන එක් කර ඇති අතර එමගින් සේවිකාවන් රාත්‍රී කාලයේ සේවයේ යෙදවීමට අදාල විධිවිධාන සලසනු ලබයි. හෝටල් හා භෝජන සැපයීමේ ක්ෂේත්‍රයේ සේවිකාවන් සේවයේ යෙදවීමේ කාල සීමාවද ඉවත් කරන ලෙසට සේවා යෝජකයින්ගෙන් ඉල්ලීම් ලැබී තිබේ.

ඉදිරියේදී පාර්ලිමේනතුවට ඉදිරිපත් කිරීමට නියමිත සේවා නියුක්ති පනත මගින්ද සේවයේ යෙදෙන කාන්තාවන්ගේ, සේවයේ යෙදවීමේ අයිතීන් ආරක්ෂා කරන අතරම ඔවුන්ගේ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සදහාද විධිවිධාන රාශියක් හදුන්වාදීමට අපේක්ෂා කරයි.

වැඩ ලෝකය තුළ ප්‍රචණ්ඩත්වයහා හිංසනය වැලැක්වීමට අදාල ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුති අංක 190 හි සදහන් වන ප්‍රමිතීන් අනුගමනය කිරීම සම්බන්ධයෙන් වන විධිවිධානද නව පනතේ පරිච්ඡේදයක් ලෙස ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. එමගින් සේවා ස්ථානය තුළදී ශාරීරිකව, මානසිකව සහ ලිංගික වශයෙන් පීඩාවට පත් කිරීම වැලැක්වීමට අදාල නීති ගෙන ඒමට යෝජනා කර ඇත. අර්ධකාලීන රැකියා, සමුච්ඡිත වැඩ දිනයන් සහ වැඩ සති, හදුන්වාදීම මගින්ද ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය ඉහළ දැමීමට අවකාශය උදාවනු ඇතැයි අපේක්ෂා කරයි.

අවිධිමත් අංශයේ සේවා නියුක්තයන් සම්බන්ධයෙන් වෘත්තීය ගරුත්වය සහ පිළිගැනීමක් ලබාදීමට අදාල විධිවිධානද නව පනතට ඇතුළත් කරන අතර එමගින් කාන්තාවන් පමණක් පමණක් සේවය කරන පෙර පාසල් පාලිකා, කාන්තාවන් වැඩි වශයෙන් සේවය කරන රූපලාවන්‍ය වැනි ක්ෂේත්‍රයන්ගේ ගරුත්වය ආරක්ෂා කිරීමට අවශ්‍ය විධිවිධාන සලසනු ලබයි.

මේ අතර ගෘහ සේවිකාවන් ලෙස කාන්තාවන් විදේශ ගත කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට තීරණය කර ඇති අතර එය ක්‍රියාත්ක කිරීම සදහා වන මාර්ග සිතියමද මේ වන විට සකස් කරමින් සිටී. විදේශ ගත කාන්තා ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව, සුබසාධනය තහවුරු කිරීම සදහා අවශ්‍ය සියලුම පියවර ගන්නා බවද ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අවධාරණය කර සිටී.

Previous articleකාන්තා දිනය සමරන කාන්තාවන් ආපසු නිවසට යන්නේ නීතියේ බලය සහ රැකවරණය ද සමඟින් – ජනපති
Next articleජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව ලක්ෂයේ වැඩසටහන ආර්ථික දුෂ්කරතා සහිත සිසු දරුවන්ට මහඟු පිටිවහලක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here