Home අද ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව ලක්ෂයේ වැඩසටහන ආර්ථික දුෂ්කරතා සහිත සිසු දරුවන්ට මහඟු පිටිවහලක්

ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව ලක්ෂයේ වැඩසටහන ආර්ථික දුෂ්කරතා සහිත සිසු දරුවන්ට මහඟු පිටිවහලක්

3897
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට 2024/2025 සඳහා ක්‍රියාත්මක කරන “ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව” ලක්ෂයේ වැඩසටහන ආර්ථික දුෂ්කරතා සහිත පාසල් සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකරගෙන යාම සඳහා මහඟු පිටිවහලක් වන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා පැවසීය.

ඉදිරියේ දී සිදුකිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අරමුණු කරගනිමින් කලාප අධ්‍යාපන කාර්යාල 20ක් අලුතින් ආරම්භ කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා

ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අප මේ වන විට විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

පාසලේ 13 වන වසරේ දී පැවැත්වෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඉදිරියේ දී 12 වන වසරේ දී පැවැත්වීමට අප බලාපොරොත්තු වනවා. එමෙන්ම මේ වන විට 11 වන වසරේ දී පැවැත්වෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉදිරියේ දී 10 වන වසරේ දී පැවැත්වීමට ද අප බලාපොරොත්තු වනවා.

විශ්ව විද්‍යාල සඳහා තේරී පත්වන සිසුන්ගේ වයස් ප්‍රමාණය තවත් වසරකින් අඩු කිරීම මෙහි අරමුණයි. ඒ අනුව ඔවුන් උපාධිදාරීන් ලෙස අඩු වයසින් විශ්වවිද්‍යාලවලින් පිටවීමට ලැබීම රැකියාවක් සඳහා යොමු වීමේ දී ද වැදගත් වන බව කිව යුතුයි.

Previous articleකම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමාගේ කාන්තා දින පණිවුඩය
Next articleවිදේශගත ශ්‍රමිකයින් පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 476ක ප්‍රේශණ රටට එවලා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here