Home අද කාන්තා දිනය සමරන කාන්තාවන් ආපසු නිවසට යන්නේ නීතියේ බලය සහ රැකවරණය ද...

කාන්තා දිනය සමරන කාන්තාවන් ආපසු නිවසට යන්නේ නීතියේ බලය සහ රැකවරණය ද සමඟින් – ජනපති

1864
0

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන පනත් කෙටුම්පත් දෙක ලබන මැයි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන පනතට අනුව වෙනම කොමිෂන් සභාවක් ස්ථාපිත කිරිමට අපේක්ෂා කරන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණය හඳුන්වා දීම මඟින් කාන්තාවන්ගේ අභිවෘද්ධිය සහ සවිබල ගැන්වීම සඳහා විධිවිධාන සැලැස්වීම එහි අරමුණ බවත් ජනාධිපතිවරයා කියා සිටියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (08) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම් උත්සවය අමතමිනි.

කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ පනත ඊයේ(07) දිනයේදී ගැසට් කළ අතර ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත එළැඹෙන සතියේ දී ගැසට් කරන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

Previous articleකෝප් සභාපති පුටුව රෝහිතට
Next articleකම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමාගේ කාන්තා දින පණිවුඩය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here