Home අද කාදිනල් මැල්කම් රංජිත්ට ධීවරයින්ගෙන් දැඩි විරෝධයක්

කාදිනල් මැල්කම් රංජිත්ට ධීවරයින්ගෙන් දැඩි විරෝධයක්

2100
0

මීගමුව – පිටිපන ලෙල්ලම කාදිනල් හිමිපාණන් යටතට පත් කිරීමට එරෙහිව එක්සත් ධීවර සමිතියේ නියෝජිතයින් කොළඹ අගරදගුරු නිල නිවස ඉදිරිපිටදී ඊයේ පස්වරුවේ දැඩි විරෝධතාවයක නිරතවුණා.

විරෝධතාවයේ නිරත ධීවරයන් පවසන්නේ කාදිනල් මැල්කම් රංජිත් හිමියන් විසින් අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ලබාගනිමින් මීගමුව – පිටිපන මීසමට අයත් ලෙල්ලම කතෝලික සභාවට පවරාගෙන ඇති බවයි.

වසර 65 ක් පුරාවටම ධීවර රැකියාව සිදුකරන මෙම ලෙල්ලම පවරා ගැනීම මගින් එහි රැකියාවේ නිරත ධීවරයින් දැඩි අසීරුතාවයට පත්ව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කතෝලික සභාව පසුගිය කාලයේදී ඉතා නරක ආකාරයෙන් දේශපාලනීකරණය වූ බවත් කාදිනල් හිමියන් එළිපිටම ගෝඨාභයට ඡන්දය දෙන ලෙසට කළ ප්‍රකාශ අවමන් සහගත බවත් විරෝධතාකරුවන් මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.

මීගමුව ධීවර වෙළෙඳ මධ්‍යස්ථානයේ දේපොළ පරිපාලනය සහ කළමනාකරණය පිටිපන එක්සත් ධීවර සමිතියෙන් ඉවත් කර භාරකරුවෙකු වෙත පත්කරන ලෙස මීගමුව දිසා අධිකරණය පසුගිය 05 වැනිදා නීයෝග කළා.

මීගමුව දිසා විනිසුරු ලලිත් කන්නංගර මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේ ඇත්තේ පිටිපන එක්සත් ධීවර සමිතියේ නිලධාරි මණ්ඩලයට එරෙහිව අගරදගුරු හිමිපාණන් ගොනුකර ඇති පැමිණිල්ලකට අදාළ නඩුව පසුගියදා කැඳවු අවස්ථාවේදීයි.

කොළඹ අගරදගුරු හිමිපාණන්ට අයත් දේපොළක් තෑගි ඔප්පුවක් මඟින් ” ලෙල්ලම” ධීවර වෙළෙඳ මධ්‍යස්ථානය සඳහා පිටිපන එක්සත් ධීවර සමිතිය වෙත පවරා දී ඇත්තේ 1963 වර්ෂයේදීයි.

අදාළ පවරාදීමේදී එම දේපොළවලින් උපයන ආදායමෙන් කොටසක් පිටිපන දේවස්ථානය වෙත භාරදිය යුතු බවට කොන්දේසියක් පනවා ඇත්තේ පිටිපන මීසමේ ජීවත්වන අඩු ආදායම්ලාභි ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් වැයකිරීම වෙනුවෙන්.

කෙසේ වෙතත් එම කොන්දේසිය උල්ලංඝනය කරමින් අදාළ දේපොළේ ආදායම තනිව භූක්ති විඳීමටත්, කොළඹ අගරදගුරු හිමිපාණන්ගේ පූර්ව අවසරයකින් තොරව එම දේපොළ කොටස් සහ කඩකාමර වෙනත් පිරිස් වෙත බදු දීමටත් පිටිපන එක්සත් ධීවර සමිතිය කටයුතු කිරීම හේතුවෙන් අදාළ තෑගි ඔප්පුව අවලංගු කිරීමට අගරදගුරු හිමිපාණන් කටයුතු කළා.

එසේ තෑගි ඔප්පුව අවලංගු කර තිබියදිත් නීතිවිරෝධි ලෙස අදාළ දේපොළේ දිගින් දිගටම රැඳී සිටිමට පිටිපන එක්සත් ධීවර සමිතිය කටයුතු කිරීම සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු හිමිපාණන් මීගමුව දිසා අධිකරණය හමුවේ මෙම නඩුව පැවරීමට කටයුතු කර තිබුණා.

මේ සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මීගමුව පිටිපන ලෙල්ලම අයිතිය නැවත පවරා දෙන ලෙස ඉල්ලමින් අගරදගුරු හිමියන් අධිකරණය වෙත ගියේ එහි ආදායම පුළුල් ධීවර පිරිසකට හිමිකර දීමේ අදහසින් මිස පෞද්ගලිකව අයිතිකර ගැනීම සඳහා නොවන බවත් එම ධීවර මධ්‍යස්ථානය වසර ගණනාවක් සිට පිටිපන එක්සත් ධීවර සමිතිය යැයි කියගන්නා පුද්ගලයන් කීපදෙනෙක් පමණක් භුක්ති විදින බවයි.

ලෙල්ලමේ පාලනය සහ කළමනාකරණය වඩා විනිවිදභාවයකින් යුතුව සිදුකළ යුතු බව සඳහන් කරන ගාමිණී ප්‍රනාන්දු පියතුමා මෙම සිද්ධිය පිළිබඳව ඇතැමුන් පවසන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස ධීවර ප්‍රජාවගෙන් සහ මෙරට පොදු ජනතාවගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්

May be an image of text

May be an image of text

Previous articleජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළමු වරට පාසල් සිසුන්ට කැබිනට් මණ්ඩලය විවෘත කරයි.
Next article“ගෝඨා ගෝ ගම” ඉඩම කැසිනෝ ශාලාවකට බදු දෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here