Home අද “ගෝඨා ගෝ ගම” ඉඩම කැසිනෝ ශාලාවකට බදු දෙයි

“ගෝඨා ගෝ ගම” ඉඩම කැසිනෝ ශාලාවකට බදු දෙයි

1967
0

ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනසක් ඇතිකළ බිමක් වන ගාලුමුවදොර අරගලය සිදුකළ ගෝඨා ගෝ ගම ඉඩමේ කැසිනෝ ශාලාවක් ඉදිකිරීමට බලපත්‍ර ලබාදීමට යන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.

අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

කොළඹ පමණක් නොව නුවර, ගාල්ල, යාපනය නගර වලත් කැසිනෝ ඉදිකිරීමට බලපත්‍ර ලබාදී ඇති බවට ඒ මහතා කියා සිටියා.

මෙරට දේශපාලනයේ තීරණාත්මක වෙනසක් ඇතිකළ ගාලුමුවදොර ගෝඨා ගෝ ගම ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය හරහා කැසිනෝ ශාලාවක් ඉදිකිරීමට චීන සමාගමකට බදු දීමට නියමිත බවත් චීන සමාගම නම සඳහන් වුවත් එම කැසිනෝ ශාලාව පිටුපස සිටින්නේ මීගමුව ප්‍රදේශයේ කුප්‍රකට කැසිනෝ ශාලා හිමියෙක් බවද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා.

Previous articleකාදිනල් මැල්කම් රංජිත්ට ධීවරයින්ගෙන් දැඩි විරෝධයක්
Next articleඩවු­න්ට­වුන් ඩියුටි ෆ්‍රී වෙළෙ­ඳ­සල අප්‍රේ­ල් සිට පෝට් සිටියේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here