Home අද රතු සහෝදරයින් ඉන්දියාවට නොගියා නම් යූ.පී.අයි ගෙවුම් පද්ධතියට විශාල විරෝධයක් එන්න තිබුණා...

රතු සහෝදරයින් ඉන්දියාවට නොගියා නම් යූ.පී.අයි ගෙවුම් පද්ධතියට විශාල විරෝධයක් එන්න තිබුණා – මනූෂ

2336
0

 

රතු සහෝදරයින් ඉන්දීයාවේ සංචාරය නොකළා නම් යූ.පී.අයි. ගෙවුම් පද්ධතියට එරෙහිව මෙරට තුල විශාල ව්‍යාජ මතයත් නිර්මාණය කිරීමට ඉඩ තිබූ බවත් ඔවුන්ගේ ඉන්දීය සංචාරය සමඟ මෙතක් පැවති ඉන්දීය විරෝධි ප්‍රතිපත්තිය වෙනස් වීම ප්‍රතිපත්ති ස්ථීර නොවන බවට කදිම උදාහරණයක් බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

ඉන්දීය විරෝධී ප්‍රතිපත්ති වෙනස්වීම සාධනීය කාරණයක් වුවත් එම ප්‍රතිපත්තිය හේතුවෙන් ජීවිත අහිමි වූවන්ට යලිත් එම ජිවිත නොලැබීම ඉතා කණගාටුදායක ඉතිහාසයක් මතක් කරදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ වැල්ලවාය මහජන ක්‍රිඩාංගනයේ මොණරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අද (17) සහ හෙට(18) දෙදින පැවැත්වෙන ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක් වූ අවස්ථාවේදීය.

කම්කරු හා විදේශ රැකියා ආමත්‍යාංශය විසින් සංවිධානය කළ ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන මගින් අමාත්‍යාංශය යටතේ පවතින සියලුම ආයතනය වල සේවාවන් සහ අනෙකුත් රාජ්‍ය අයාතන වල සේවාවන් මහජනතාව වෙත ගෙනයාම අපෙක්ෂා කරයි.

ඉදිරියේදී ඉන්දියාවට මෙරට තුල ව්‍යාපෘති කිරීමට බාධාවක් නොවනු ඇති බවට අපෙක්ෂා කරන බවත් එමගින් ඉන්දියාව මෙරටට ලබාදෙන සහය ඉහළයාමට හැකියාව පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

ප්‍රතිපත්ති වෙනස් වෙනවා කියන එකට හොදම උදාහරණයක් තමයි මේ දවස්වල රටේම ඉන්න සෙනග බස්වලින් ඇද ඇද රැල්ලක් හදන්න යන රතු සහෝදරවරු. ඒ අයගේ ඉන්දියාව සම්බන්ධව තිබුණු ප්‍රතිපත්තියට වුනේ මොකක්ද කියලා තමුන්නාන්සෙලා දැක්කනේ. ඒ සහෝදරවරුන්ගේ පංති පහේ එකක් තමයි ඉන්දියානු ව්‍යාප්තවාදය. ඉන්දියානු ව්‍යාප්තවාදය කියලා පංතියක් හදලා අන්ධ කරලා රටේ රන් සමනල්ලු දස දහස් ගණනක් වලාකුලු වලට නග්ගපු අමුවෙන් කිව්වොත් මරලා දාන්න කටයුතු කරපු ප්‍රතිපත්තිය ඒ අය වෙනස් කරගත්තා. ඒක හොදයි. හැබැයි අර අන්ධ කරලා නැති කරපු ජීවිත වලට ආයේ පන දෙන්න බැහැ.

ඒත් අද ඒ ප්‍රතිපත්ති වෙනස් කරලා තියෙනවා. ඒත් නැති වුන ජීවිත යලිත් ගන්න අපිට අවස්ථාවක් නැහැ. දැන් ඒ සහෝදරයා වැරදිලා හරි ඉන්දියාවේ නොගියනං අර ඉන්දියන් යූ පී අයි මුදල් ගණුදෙනු සිස්ටම් එක ජනාධිපතිතුමා මැදිහත් වෙලා ඇති කරද්දී රනිල් ඉන්දියාවට රට විකුණන්න යනවා කියලා තමයි කියන්නේ. ඉන්දියාවේ ගියපු නිසා මීක් නෑ. මතක ඇතිනේ කලිං වතාවල් වල කියපු කතා. ගිලන්රථ සේවය ගේනකොට කියපු කතා, අමූල් එකට කියපු අමූලික කතා. ලස්සනම දැන් ඒවට උත්තර දෙන්න කියන අමූලික කතා. දැන් ටෙන්ඩර් දාලා දෙනවා නම් කමක් නෑ කියලා කියනවා. අපි ස්තූතිවන්ත වෙනවා ඉන්දියාවට ගිහින් හරි ප්‍රතිපත්ති වෙනස් කරගත්ත එකට.

ඔබට මතක ඇති මීට අවුරුදු දෙකකට කලින් තිබුණ තත්වය. මේ රට ආර්ථික බංකොලොත්භාවයට පත්වුන මුල් අවස්ථාවේදී තිබුණ තත්වය. ඒ වෙලාවේ ඔය හොදයි කියලා කියන ප්‍රතිපත්ති තියෙන හැමෝම මේ රට භාරගන්න බෑ කියලා කිව්වා.

අද තියෙන තත්වයට හරි මේ රට ඇවිත් තියෙන එක ආශ්චර්යයක්. මේ රට මේ තත්වයට හරි අරගෙන එන්න පුලුවන් තත්වයක නෙමෙයි තිබුණේ. වර්තමාන ජනාධිපතිතුමා රට භාරගත්තේ ඒ වගේ වෙලාවක. එතුමා ප්‍රතිපත්තියක හිටියා නම් මම මෙහෙමයි කළේ, මම මෙහෙමයි රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩි කළේ, ඒ අය මට ඡන්දය දුන්නේ නෑ, මම ගම්පෙරලියට මෙච්චර මුදලක් වෙන් කළත් මට ඡන්දය දුන්නේ නෑ, 1990 ගිලන්රථ සේවය රට පුරාම ක්‍රියාත්මක කළත් මට ඡන්දය දුන්නේ නෑ, 2002 දී ආර්ථිකය හදාගෙන එන විට පරිවාස ගහලා ඒක කඩා කප්පල් කළා, ටැබ් දෙන කොට වද කරන්නේ කියලා කිව්වා, මේ රටේ ජනතාවට මම මෙච්චර දේවල් කරලත් ඒ ජනතාව මට සැලසුවේ නෑ කියලා ප්‍රතිපත්තියක හිටියනම් රටට එහෙනම් කොයි වගේ තත්ත්වයක ඉදීද. මම මේ රටේ අය වෙනුවෙන් මුකුත් කරන්නේ නෑ කියලා වගේ ප්‍රතිප්තියක හිටියා නම්, මේ වෙලාවේ රට භාරගන්න බෑ කියලා කිව්වා නම් අද මේ රටට මොකක් වෙලා තියේවිද?
No description available.

No description available.

Previous articleමෙරට නිෂ්පාදන සහ සේවාවල වර්ධනයක්
Next articleහොරු අල්ලලා හොර බඩු හොයලා මේ රට ගොඩදාන්න බෑ –  දිලිත් ජයවීර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here