Home අද එළවළු මිල සීඝ්‍රයෙන් බස්සපු යාපනයේ අස්වැන්න

එළවළු මිල සීඝ්‍රයෙන් බස්සපු යාපනයේ අස්වැන්න

1078
0

යාපනය අර්ධද්වීපයේ වගා කෙරුණු එළවළු අස්වැන්න මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීමත් සමඟ ඉහළ ගොස් තිබුණු එළවලු මිල සීග්‍රයෙන් පහත වැටී තිබෙනවා.

සෑම එලවලුවකම මිල ගණන් සියයට හැට පහක් හැත්තෑවක් පමණ්ම අඩුවී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති’

යාපනය චුන්නාගම් ප්‍රදේශයේ සාර්ථකව වගා කරන කැරට් ,මාළුමිරිස් සහ බීට් අස්වනු වැඩි වශයෙන් වෙළඳපළට ලැබීම නිසාවෙන් රුපියල් දහසක් දෙදහසත් අතර මිලකට පසුගිය කාලයේ අලෙවි වූ කැරට් කිලෝව රුපියල් 500 දක්වා අඩුවී ඇති බව වාර්තා වනවා.

රුපියල් හාරසිය පනහක් පමණ ඉහළ ගිය බිට් කිලෝව රු 250 දක්වා පහත වැටී ඇති අතර රු 450 ත් 550 ත් මිලකට අලවි වූ වම්බටු රු 150 ත් 200 ත් දක්වා පහල වැටි ඇතිබව වෙළෙන්දෝ පෙන්වා දෙනවා.

එමෙන්ම අනෙකුත් සෑම එළවළුවකම මිල විශාල වශයෙන් පහත වැටීමට ප්‍රධානතම හේතුව බවට පත්ව ඇත්තේ යාපනය අර්ධද්වීපයෙන් ලැබෙන එළවලු තොග බව ඔවුන් පෙන්වා දෙනවා.

අමුමිරිස් මාළු මිරිස් වම්බටු ආදී එළවළු වලට අමතරව රතුලුණු තොග ද යාපනය අර්ධද්වීපයෙන් මෙදින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබී තිබිණි. රුපියල් 1500 කට අලෙවි වූ මාළු මිරිස් කිලෝව යාපනයේ ලැබීමත් සමග රුපියල් 800 දක්වා පහත වැටී තිබෙනවා.

Previous articleඑකම විදුලි ගාස්තුව වසර 9ක් අය කළ ලෝකයේ එකම රට ශ්‍රී ලංකාවයි
Next articleඅත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 06ක මිල නැවත සංශෝධනය කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here