Home අද එකම විදුලි ගාස්තුව වසර 9ක් අය කළ ලෝකයේ එකම රට ශ්‍රී ලංකාවයි

එකම විදුලි ගාස්තුව වසර 9ක් අය කළ ලෝකයේ එකම රට ශ්‍රී ලංකාවයි

1654
0

දකුණු ආසියාවේ වැඩිම විදුලි ගාස්තුවක් අය කරන රට ශ්‍රී ලංකාව යැයි පැවසීම පිළිගත නොහැකි බවත්, වසර නවයක් එකම විදුලි ගාස්තුවක් අය කළ ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව යැයිද විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පෙන්වා දෙනවා.

ආරාධනා කළද විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙක් විදුලි බිල අඩු කිරීමේ කිසිදු යෝජනාවක් මේ වන තුරු ලබා දී නොමැති බව ද ඔවුන් පාර්ලිමේන්තුවේ ඒ සම්බන්ධයෙන් කතා කළද එළියේ ඒ සම්බන්ධයෙන් කතා නොකරන බවද ඇමැතිවරයා කියා සිටියා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කළේ ඉකුත් 10 දා කොළඹ බලශක්ති අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි. විදුලි අය ක්‍රමය සම්බන්ධයෙන් ලබා දිය හැකි උපරිම අඩු මිල සඳහන් යෝජනාව මේ වන විට ලබා දී ඇති බවත් එය අවසන් යොජනාව නොවන බවත් ඇමැතිවරයා සඳහන් කරනවා.

අවසන් කාර්ය භාරය ඇත්තේ මහජන උපයෝගීතා කොමිසන් සභාවට බවද ඔවුන් විසින් මහජන අදහස් ලබා ගෙන එම යෝජනා නිවැරැදිද, වැරැදිද යන්න තොරතුරු ලබා දුන් පසු ඔවුන්ගේ නිර්දේශ මත නැවත විදුලිබල මණ්ඩලය විසින් විදුලි අය ක්‍රමය සම්බන්ධයෙන් යෝජනා සකස් කරන බවද ඇමැතිවරයා කියා සිටියේය.

පෙබරවාරි මස 20 වන විට මහජන අදහස් ලබා ගැනීමෙන් පසු අදාළ සංශෝධන මහජන උපයෝගීතා කොමිසම විසින් සිදු කරනු ඇතැයි අපේක්ෂා කරන බවද ඇමැතිවරයා කියා සිටියේය. විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ද දැනුවත් කරන බව කී ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ වනවිට දැනුවත් කර ඇතැයිද කියා සිටියේය.

දකුණු ආසියාවේ අපි වැඩිම විදුලි බිල අවුරුදු නමයක් යනුවෙන් කියන බවත් මේ භුක්ති විඳින්නේ අවශ්‍ය වේලාවේ නිවැරැදි තීන්දු තීරණ නොගැනීමේ ප්‍රතිඵල බවද ඇමැතිවරයා කියා සිටියේය. දකුණු ආසියාවේ හෝ ලෝකයේ අවුරුදු නවයක් එක දිගට එකම ගණනකට විදුලිය තබා ගත් රටත් ශ්‍රී ලංකාව බවත්, අවුරුදු නවයක් බලාගාර ඉදි නොවූ රටත් ඉදිකිරීමට පැමිණි බලාගාර නැවත හරවා යැවූ රටත් ශ්‍රී ලංකාව යැයි මතක තබා ගතයුතු යැයිද ඇමැතිවරයා කීය.

Previous articleඉන්දියාව UPI මුදල් හුවමාරු ක්‍රමවේදය ලංකාවේ එළිදැක්වෙයි
Next articleඑළවළු මිල සීඝ්‍රයෙන් බස්සපු යාපනයේ අස්වැන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here