Home අද ඉන්දියාව UPI මුදල් හුවමාරු ක්‍රමවේදය ලංකාවේ එළිදැක්වෙයි

ඉන්දියාව UPI මුදල් හුවමාරු ක්‍රමවේදය ලංකාවේ එළිදැක්වෙයි

1716
0

ඉන්දියානු ඒකාබද්ධ ගෙවීම් වැඩපිළිවෙළ මීට සුළු මොහොතකට පෙර කොළඹදී එළිදැක්වීය. ඒ අනූව UPI ඉන්දීය ගෙවීම් ක්‍රියාවලිය, මෙරට ලංකා QR ගෙවීම් පද්ධතිය හා සම්බන්ධ කිරීමේ අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යන මහත්වරුන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී සිටිති. ශ්‍රී ලංකාවට සමගාමීව මොරිස් රාජ්‍යයේද ඉන්දියානු ඒකාබද්ධ ගෙවීම් වැඩපිළිවෙල ආරම්භකිරීමට ඉන්දියාව කටයුතු කර තිබේ.

මේහරහා ලංකාව තුළ මුදල් නෝට්ටු භාවිතයෙන් තොරව ‌පරිසර හිතකාමී ලෙස ගෙවීම් සිදුකිරීමේ හැකියාව වර්ධනය වනඅතර ලංකාවේ ව්‍යාපාරිකයන් සඳහා ඉන්දීය වෙළඳපොළ විවෘත වීමද සිදුවේ. එමෙන්ම ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවේදී පහසුවෙන් ගෙවීම් සිදුකිරීමේ හැකියාව ලැබෙන අතර ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට මේ හරහා සුවිශේෂි දායකත්වයන් ලැබීමට නියමිතය.

එයට අදාළ විඩියෝ දර්ශන පහතින් දැක්වේ

Previous articleඅපේ රට ලෝකයට පාලම් බැඳිය යුතුයි – හර්ෂ
Next articleඑකම විදුලි ගාස්තුව වසර 9ක් අය කළ ලෝකයේ එකම රට ශ්‍රී ලංකාවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here