Home අද අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 06ක මිල නැවත සංශෝධනය කරයි

අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 06ක මිල නැවත සංශෝධනය කරයි

933
0

පාරිභෝගිකයාට වඩාත් ලාභදායි වෙළෙන්දාගෙන් භාණ්ඩ මිලදී ගැනීමට මඟ පෙන්වීමක් ලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හයක මීට පෙර නිකුත් කර තිබූ උපරිම තොග සහ සිල්ලර මිල පරාස සංශෝධනය කළ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව වියළි මිරිස්, සුදු සීනි, ආනයනික හාල්මැස්සන්, ආනයනික ලොකු ලූණු, ආනයනික අර්තාපල් සහ මයිසූර් පරිප්පු යන භාණ්ඩලවල උපරිම තොග සහ සිල්ලර මිල අඩු කර තිබේ.

වියළි මිරිස් කිලෝවකට රුපියල් 840 ක, සුදු සීනි කිලෝවකට රුපියල් 262 ක, ආනයනික හාල්මැස්සන් කිලෝවකට රුපියල් 850 ක, ලොකු ලූණු කිලෝවකට රුපියල් 310 ක, අර්තාපල් කිලෝවකට රුපියල් 110 ක සහ පරිප්පු කිලෝවකට රුපියල් 290 ක දකවා තොග මිල අඩු කර තිබේ.

වියළි මිරිස් කිලෝවක් රුපියල් 970 ත් 1100 ත් අතර, සුදු සීනි කිලෝවක් රුපියල් 275 ත් 310 ත් අතර, හාල්මැස්සන් කිලෝවක් රුපියල් 1050 ත් 1250 ත් අතර, ලොකු ලූණු කිලෝවක් රුපියල් 330ත් 400ත් අතර, අර්තාපල් කිලෝවක් රුපියල් 150ත් 200ත් අතර සහ පරිප්පු කිලෝවක් රුපියල් 310 ත් 380 ත් අතර සිල්ලර මිලක් ප්‍රසිද්ධ කර තිබේ.

Previous articleඑළවළු මිල සීඝ්‍රයෙන් බස්සපු යාපනයේ අස්වැන්න
Next articleඅනුරගේ ෆේස්බුක් බලකායට අභියෝගයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here