Home අද 2011 දී පෙරාදෙණියේ නවක වදය දුන් අපරාධකරුවෝ දැන් ගුරුවරු  – ...

2011 දී පෙරාදෙණියේ නවක වදය දුන් අපරාධකරුවෝ දැන් ගුරුවරු  – නවකවදයට මුහුණ දුන් සිසුවා අධ්‍යාපනය අතහරී

1785
0

2011 වසරේ දී සිදුකළ නවක වදය දීමේ සිද්ධියකට වරද පිළිගැනීමෙන් පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන් දස දෙනකුට වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ අතර එක් අයකුට වසර 10කට අත්හිටවූ සිරදඩුවම් සහ වන්දි ගෙවීමටමහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව sundaytimes පුවත්පත වාර්තා කර තිබේ.

මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ශිරිනිත් විජේසේකර මහත්මිය විසින්   වරදකරුවුවන්ට එක් පුද්ගලයෙකුට රුපියල් 550,000 බැගින් වින්දිතයාට ගෙවන ලෙස නියෝග කළ අතර එක් අයෙකුට රුපියල් 5000 බැගින් දඩ මුදලක්ද නියම කෙරිණි.

මෙලෙස වැරදිකරුවෝ බවට පත්වු පුද්ගලයෝ දැනට පරිපාලන තනතුරු හොබවන අතර ගුරුවරුන් ලෙස සේවය කරන බවද  නවක වදයට ලක්වූ පුද්ගලයා උපාධිය සම්පූර්ණ නොකර හම්බන්තොට පිහිටි සිය ගමට පැමිණ ඇති බව ද අධිකරණයේදී අනාවරණය වී ඇත.

නවක වදයට ලක්වු වින්දිතයා ඔහු සිටි ස්ථානයෙන් ඇදගෙන ගොස් සිසුවියන් ඉදිරියේ දරුණු ලෙස නවක වදයට ලක් කර පහර දී ඇති අතර පසුදින ආහාර පාර්සල් කිහිපයක් එකට මිශ්‍ර කර සතෙකු කරන ආකාරයට එය අනුභව කරන ලෙස ඔහුට නියෝග කර තිබේ.

එමෙන්ම ඔහුව වෙනත් ස්ථානයකට රැගෙන ගොස් තවත් නවක සිසුන් තිදෙනෙකු සමඟ බලහත්කාරයෙන් ලිංගික ක්‍රියාවල නිරත වී පහර දී ඇති අතර  ඔහුව   අත්වලින් පරාලයක එල්ලා තිබු බවටද අනාවරණය වී ඇත.

නවක වදය දීමෙන් පසු සියදිවි නසා ගැනීමට තමාට සිතුණු බවද ඔහු අධිකරණයට පවා ඇත.

සිදුවූ තුවාල හේතුවෙන් ඔහු අවස්ථා දෙකකදී පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති අතර  ඔහුට නවක වදය දුන් අය ඔහුට මරණීය තර්ජන එල්ල කර ඇති අතර, එම තුවාල සිදුවූයේ වැටීමකින් සිදුවූවක් බව පවසන ලෙසට ඔහුට පැවසූ බව ද හෙතෙම අධිකරණයට දැනුම්දී තිබේ.

රෝහල් ගතවීමෙන් පසුව ප්‍රතිකාර කරන වෛද්‍යවරයාට තුවාල පිළිබඳව සැකයක් ඇති වී ඇකි අතර, වින්දිතයාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු හෙළි කර ඇත්තේ එම තුවාල නවක වදය නිසා සිදුවූවක් බවය. පසුව ඔහු අධ්‍යාපනය අතරමග නතරකර නැවතත් තම ගමට ගොස් ඇත.

 

1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවක වදය සහ වෙනත් ප්‍රචණ්ඩ ක්‍රියා තහනම් කිරීමේ පනත යටතේ මෙම නඩුව පවරා ඇත.

Previous articleවිදෙස් ප්‍රේෂණ සියයට 11 න් වැඩිවෙලා – මනුෂ
Next articleකෝටි ගණන් ආදායම් ලබන පන්සල් වලින් වහාම බදු අය කරන්න.! – රාහුල හිමි ආණ්ඩුවෙන් ඉල්ලයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here