Home අද අයියෝ සජිත් තමුන්ට ලැජ්ජා නැද්ද.? පුතානෝ...

අයියෝ සජිත් තමුන්ට ලැජ්ජා නැද්ද.? පුතානෝ චම්පිකගේ පුටුව නාලක ගොඩහේවාට දෙයි

3203
0

 රජයේ මුදල් කාරක සභාව විපක්ෂය වෙනුවෙන් නියෝජනය කළ  පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකව නව පාර්ලිමේන්තු සැසි වාරයේදී ඒ සඳහා නම් නොකිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  තීරණය කර ඇත. ඒ වෙනුවට විපක්ෂය වෙනුවෙන් පොදුජන පෙරමුණේ  පාර්ලිමේන්තු මන්ත්‍රී, වියත් මග සාමාජිකයෙකු වූ  නාලක ගොඩහේවා ගේ නම ඉදිරිපත් කර ඇත. චම්පික රණවක මහතා නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය අවසන් කෙරෙන තුරු අදාළ තනතුරේ කටයුතු කළේය.

එමෙන්ම,  සිව්වන සැසිවාරය අවසන් වනතුරු ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති ධූරයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක කටයුතු කළේ ය. අද දිනයේ කථානායකවරයා විසින් කරන ලද නිවේදනයට අනුව ක්‍රම සහ විධි කාරක සභාව සඳහා විපක්ෂයේ කිසිදු නමක් ඉදිරිපත් කර නොමැති බව වාර්තා වේ.

පාඨලී චම්පික රණවක විසින් සභාපතීත්වය දැරූ පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කමිටුව මගින් රජයේ ප්‍රධාන ආදායම් ප්‍රභවයන් වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතනවල පවතින අකාර්යක්ෂමතා ඉවත් කරගනිමින්, හිඟ බදු අයකරගැනීම, විධිවිධාන නිසි පරිදි ක්‍රියාත්මක කිරීම හරහා ආදායම් කිහිප ගුණයකින් ඉහළ නංවාලීමට හැකියාව ලැබූ බව එම ආයතනවල ආදායම් වාර්තා මගින් පසුගියදා පෙන්වා දී තිබිණ. එවන් තත්ත්වයක් තුළ එසේ රණවක මන්ත්‍රීවරයා නම් නොකිරීම හරහා විපක්ෂ නායකවරයා බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න ගැටළුවකි.

විශේෂයෙන්ම, ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් සභාපතීත්වය දැරූ පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ ක්‍රියාකාරී සභිකයෙක් වශයෙන් කටයුතු කළ පාඨලී චම්පික රණවක, සභාපතිවරයා වශයෙන් කටයුතු කළ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා  විදේශගත වූ කාල වකවානුව තුළ රාජ්‍ය මුදල් කාරක සභාවේ වැඩබලන සභාපතිවරයා වශයෙන් පත් කිරීමට ද, සභාපතිවරයා විසින් කටයුතු කළේය. තත්ත්වය එසේ තිබියදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් සභිකයන් තෝරාගැනීම සඳහා විපක්ෂයට පවතින කෝටාව වෙනුවෙන් පාඨලී චම්පික රණවක ගේ නම ඉවත් කොට සමගි ජන බලවේගය වෙත අලුතින් එක් වූ දූෂණ චෝදනා සහිත ආචාර්ය නාලක ගොඩහේවා පත් කරන ලද්දේ රණවක කෙරෙහි පවතින පෞද්ගලික විරසකයක් පිරිමැසීම සඳහා ද යන්න සැකයක් පවතින බව දේශපාලන විචාරකයෝ සඳහන් කරති. මින් පෙර ද, පාඨලී චම්පික රණවක ට පාර්ලිමේන්තුව ඇමතීම සඳහා වෙලාව ලබා දීමේ දී ද කප්පාදුවක් සිදු කෙරෙන  බවක්  ඔහු විසින් සඳහන් කර තිබිණ.

Previous articleමෙන්න බොලේ අනුර මෙච්චර කල් බැණ බැණ හිටපු අමූල් සමාගමටත් ගිහින්
Next articleවිදෙස් ප්‍රේෂණ සියයට 11 න් වැඩිවෙලා – මනුෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here