Home අද මෙන්න බොලේ අනුර මෙච්චර කල් බැණ බැණ හිටපු අමූල් සමාගමටත් ගිහින්

මෙන්න බොලේ අනුර මෙච්චර කල් බැණ බැණ හිටපු අමූල් සමාගමටත් ගිහින්

2834
0

මේවනවිට ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා  ඇතුළු පිරිස අමුල් කිරි නිෂ්පාදනාගාරයේ (Amul Dairy ) නිරීක්ෂණ චාරිකාවකට එක්වී තිබේ.

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ආනන්ද් හි පිහිටි අමුල් කිරි නිෂ්පාදන ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලිය ආවරණය කරමින් ඔවුන් මෙම ක්ෂේත්‍ර චාරිකාවක නිරත වී ඇති අතර අනතුරුව ප්‍රධාන විධායක නිලධාරි ඇතුළු කළමනාකාරිත්වය, ජාතික කිරි සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශේෂඥ පිරිසක් සමඟ කිරි නිෂ්පාදනයේ නව තත්වයන් පිළිබඳව අදහස් හුවමාරු කර ගෙන ඇත.

අමුල් ආයතනයේ හිමිකාරිත්වය හා කළමනාකරණය සමුපකාර ව්‍යූහයක් යටතේ ක්‍රියාත්මක වේ. කිරි නිෂ්පාදනය වැඩි කිරීම, කිරි නිෂ්පාදනවල මිල අවම කර ගැනීම, නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩි කර ගැනීම, තාක්ෂණයේ ප්‍රශස්ත භාවිතය වැනි කරුණු දීර්ඝව සාකච්ඡා කර තිබේ.

එසේම ඔවුන් විසින් ලංකාවේ සිදු කිරීමට යන ආයෝජනය පිළිබඳවද,  මෙහිදී ජාතික ජන බලවේගයේ නායකයින් විසින් කළමනාකාරිත්වය සමග සාකච්ඡා කළ බවද අමුල් ආයතනය ට්විටර් පණිඩුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

Image

එමෙන්ම අහ්මදාබාද්හි කෘෂිකාර්මික ප්‍රදේශ සහ කෘෂි නිෂ්පාදන නිරෝධාන කර්මාන්ත ශාලාවක් (GAIC – Gujarat Agro Industries Corporation) නිරීක්ෂණයකටද මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් (TATA Motors) නිරීක්ෂණයකටද සූර්ය බලශක්ති ව්‍යාපෘති නිරීක්ෂණයකටද සහභාගි වී ඇති ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිස අද (08) රාත්‍රියේ කේරල ප්‍රාන්තයේ අගනුවර වන තිරුවානන්දපුරම් චාරිකාවකටස එක්ව තිබේ.

අමුල් සමාගම ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සුදානමින් ඇති අතර මේවනවිට එම ආයෝජන පිළිබඳ සාකච්ඡා මට්ටමේ පවතී. අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස පසුගිය කාලය පුරා ඉන්දියානු ව්‍යාප්තවාදය දැඩිලෙස විවේචනය කළ අතර අමුල් සමාගම ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන්ද රජයට දැඩි ලෙස විවේචන ඒල්ල කළේය.

කෙසේවෙතත් අමුල් සමාගම සහ අනුර කුමාර මහතා ඇතුළු කණ්ඩායම සමග පැවති සාකච්ඡා ඉතා ඵලදායි වු බවද අමුල් සමාගම සිය පණිවුඩය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත.

අමුල් සමාගමේ ටිව්ටර් පණිඩුය

No description available.

අනුර අමුල් සමාගම විවේඩනය කළ විඩියෝවක් පහතින්

Previous articleපරිසර හිතකාමී හරිත අනාගතයක් සඳහා මෙගාවොට් 100ක සූර්ය බලාගාර ව්‍යාපෘතියේ විදුලිය මිළදී ගැනීමේ ගිවිසුම අත්සන් කරයි.
Next articleඅයියෝ සජිත් තමුන්ට ලැජ්ජා නැද්ද.? පුතානෝ චම්පිකගේ පුටුව නාලක ගොඩහේවාට දෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here