Home අද පරිසර හිතකාමී හරිත අනාගතයක් සඳහා මෙගාවොට් 100ක සූර්ය බලාගාර ව්‍යාපෘතියේ විදුලිය...

පරිසර හිතකාමී හරිත අනාගතයක් සඳහා මෙගාවොට් 100ක සූර්ය බලාගාර ව්‍යාපෘතියේ විදුලිය මිළදී ගැනීමේ ගිවිසුම අත්සන් කරයි.

2564
0

තිරසර බලශක්ති ජනනයේ ඓතිහාසික පියවරක් තබමින් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය සහ සියඹලාන්ඩුව ප්‍රදේශයේ ඉදිකරන මෙගාවොට් 100ක ජනන ධාරිතාවයක් සහිත නව සුර්ය විදුලි බලාගාරයේ හිමිකාරිත්වය දරණ රිවිදනවි (පුද්ගලික ) සමාගම අතර විදුලිය මිළදී ගැනීමේ ගිවිසුම සඳහා අද (08) දෙපාර්ශවයේ නියෝජිතයින් විසින් අත්සන් තැබුවා.

No description available.

තිරසාර බලශක්ති ප්‍රභවයන් සඳහා කඩිනමින් යොමුවීම සඳහා වූ වැදගත් පියවරක් ලෙස එළඹි මෙම ගිවිසුම අනුව ඉදිරි වසර 20 කාලය සඳහා මෙම බලගාරය විසින් සුර්ය බලයෙන් ජනනය කරනු ලබන විදුලිය ජාතික පද්ධතියට එක් කරනු ලබන අතර මෙය මෙතෙක් ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලද පළමු මහා පරිමාණ සුර්ය බලශක්ති විදුලි ජනන ව්‍යාපෘතිය වේ.

ලක්දනවි සමාගම මෙම සුවිශේෂි ව්‍යාපෘති ප්‍රධාන පාර්ශවකරු වශයෙන් කටයුතු කරනු ලබන අතර වින්ඩ්ෆෝස් පොදු සමාගම සහ සිංගප්පූරුවේ බ්ලු සර්කල් සමාගම මෙහි අනෙකුත් පාර්ශවකරුවන් වශයෙන් කටයුතු කරනු ලබන අතර ලක්දනවි සමාගමේ දේශීය නිපුණතාවය මෙන්ම ජාත්‍යන්තර පාර්ශවකරුවන් සතු හැකියාවන්ද උපායමාර්ගික වශයෙන් දායක කරගනිමින් මෙම ව්‍යාපෘතිය සැලසුම්කර තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විදුලි බලාගාර ඉදිකිරීම් සමාගම වශයෙන් වසර 28ක විශිෂ්ඨ ඉතිහාසයකට හිමිකම් කියන ලක්දනවි සමාගම විදුලි බලාගාර ඉදිකිරීම සහ කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ඉහළ පළපුරුද්දක් සහිත ජාත්‍යන්තර සම්මානයන්ගෙන් පිදුම් ලද දේශීය සමාගමකි. මෙම ව්‍යාපෘතිය සඳහා ලක්දනවි සමාගම විසින් ලබාදෙන නායකත්වය ශ්‍රී ලංකාවේ පිරිසිදු, හරිත තිරසාර බලශක්ති ජනනය සඳහා වන ඉලක්ක ළඟා කරගැනීම පිණිස මහා පරිමාණ බලාගාර ඉදිකිරීමේ ක්‍රියාවලිය වඩා වේගවත් වනු ඇත.

No description available.

මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාන්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හෙක්ටයාර 220ක් පුරා පැතිරුණු භූමිභාගයක ඉදිවන මෙම නව සුර්ය බලශක්ති ජනන උද්‍යානය නවීනතම විදුලිය ගබඩා කිරීමේ බැටරි පද්ධතියකින්ද සමන්විත වේ. සුර්ය බලශක්ති ජනන උද්‍යානයට අමතරව ජනනය කෙරෙන විදුලිය ජාතික පද්ධතිය වෙත සම්බධ කිරීම සඳහා කිලෝමීටර් 27 ක දිගින් යුතු 132kV නව රැහැන් පද්ධතියක්ද, මොණරාගල ප්‍රදේශයේ 132kV නව ග්‍රිඩ් උප පොළක්ද ඉදිකිරීමට සැලසුම් කර තිබේ. ඇමරිකානු ඩොලර් මිලියන 150 ක පමණ දැවැන්ත ආයෝජනයක් වන මෙම ව්‍යාපෘතිය කඩිනමින් වැඩ අවසන් කොට 2025 වර්ශයේ මැදභාගයේදී ජාතික පද්ධතිය සමඟ සම්බන්ධ කිරීම ලක්දනවි සමාගමේ අරමුණයි.

මෙගාවොට් 100ක පිරිසිදු, පුනර්ජනනීය සුර්ය බලශක්තියක් ජනනය කෙරෙන මෙම ව්‍යාපෘතිය 2030 වන විට පුනර්ජනනීය බලශක්තියෙන් 70%ක බලශක්ති උත්පාදනය කිරීමේ ශ්‍රී ලංකා රජයේ ඉලක්කය සපුරා ගැනීම සඳහා වන සුවිසල් ඉදිරි පියවරකි.

Previous articleජගත් ප්‍රියංකර මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි
Next articleමෙන්න බොලේ අනුර මෙච්චර කල් බැණ බැණ හිටපු අමූල් සමාගමටත් ගිහින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here