Home අද ID අංකයම TIN අංකයට හැරෙයි

ID අංකයම TIN අංකයට හැරෙයි

788
0

ජාතික හැදුනුම්පත් අංකය TIN අංකය බවට පරිවර්ථනය කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මෙම ක්‍රියාවලිය හරහා  රාජ්‍ය ආදායම පිළිබඳ පැහැදිලි දත්ත පද්ධතියක්  නිර්මාණය වන බව ද  මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

අවුරුදු 18 ඉක්මවූ පුද්ගලයින්ගේ ජීව දත්ත තොරතුරු පද්ධතිය උපයෝගී කරගනිමින් මෙම ක්‍රියවලිය සිදුකරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව සියඹලාපිටිය ඇමතිවරයා සදහන් කළේය.

Previous articleපසුගිය වර්ෂයේදී අන්තර්ජාල වැරදි ගැන පැමිණිලි අටදාහකට වඩා ලැබී තිබෙනවා
Next articleබැංකු අය කරන ණය පොලිය වහාම අඩු කළ යුතුයි – මහ බැංකු අධිපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here