Home අද ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අලුත් සගයෙක් එකතුවෙයි

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අලුත් සගයෙක් එකතුවෙයි

4833
0

ශ්‍රී ලන්කන් ගුවන් සේවා යානා දිගින් දිගටම ප්‍රමාද වීම සහ අවලංගු කිරීමට ලක් වීමට ප්‍රධාන හේතුව වී තිබූ ගුවන් යානා හිඟයට යම් පිළියමක් ලෙසින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය එයාර් බස් ඒ. 320 වර්ගයේ ගුවන් යානයක් ලීසිං පදනම මත ලබා ගෙන ඇති අතර එම ගුවන් යානය ඊයේ (21) දින සවස මැලේසියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබේ .

4 ආර් – ඒ බී එස් ( 4 R – ABS ) යන අනුක්‍රමනික අංකය යටතේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචි කර ඇති මෙම ගුවන් යානය , අවශ්‍ය පින්තාරු කටයුතු සහ අනෙකුත් සේවා පහසුකම් ස්ථාපිත කිරීමෙන් එළඹෙන දෙසැම්බර් මස 29 වන දින කටුනායක සිට මාලදිවයින බලා මංගල ගුවන් ගමන පිටත්ව යාමට නියමිතය .

ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයකින් යුතු මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ ආසන 12 ක් සහ පිරිමැසුම්දායක පංතියේ ආසන 138 ක් තිබේ .

මෙම නව ගුවන් යානය ඉන්දීය උප මහාද්වීපය , ඈත පෙරදිග සහ මැදපෙරදිග ගුවන් කළාප වෙත සිය ගුවන් මෙහෙයුම් කටයුතු එක් කිරීමට නියමිතය .

මෙම නව ගුවන් යානය මිළදී ගැනීමත් සමග ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතුව පටු බද සහිත ගුවන් යානා 12 ක් සහ පුළුල් බද සහිත ගුවන් යානා 10 වශයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු සමස්ථ ගුවන් යානා සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් තිබේ .

මීට අමතරව එළඹෙන 2024 වසරේ ජනවාරි මස මුල් සති වල තවත් පුළුල් බද සහිත එයාර් බස් ඒ.- 330 ගුවන් යානයක් සහ දැනට ඇංජින් නොමැති වීම නිසා ශ්‍රී ලන්කන් ගුවන් යානා අංගය තුළ නවතා ඇති එයාර් බස් නියෝ ( Air Bus A.- neo ) කාණ්ඩයේ ගුවන් යානා 02 සදහා ඇංජින් 02 ක් ද ලීසිං පදනම මත ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලබා ගැනීමට පියවර ගෙන ඇති අතර , ඒවා ලැබුණු පසු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට තවත් ගුවන් යානා 03 ක් එක් වීමෙන් , ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු සමස්ථ ගුවන් යානා සංඛ්‍යාව 25 දක්වා ඉහළ නැංවීමට නියමිතය .

එසේම එළඹෙන මාර්තු මාසයේ තවත් එයාර් බස් ගුවන් යානයක් ලීසිං පදනම මත ලබා ගැනීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පියවර ගෙන තිබේ .

ශ්‍රී ලන්කන් ගුවන් සේවය කටුනායක සිට ලෝකයේ රටවල් 21 ක ගමනාන්ත 36 ක් කරා සිය ඍජු ගුවන් ගමන් මෙහෙයුම් සිදු කරමින් සිටිති .

Previous articleවසර 03කට පසු දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය ලෙස රුපියල් මිලියන 11,250ක්
Next articleදෙසැම්බරයේ ලංකාවට ඩොලර් මිලියන 787ක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here