Home අද දෙසැම්බරයේ ලංකාවට ඩොලර් මිලියන 787ක්

දෙසැම්බරයේ ලංකාවට ඩොලර් මිලියන 787ක්

5318
0

දෙසැම්බර් මාසයේදී, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 337 ක දෙවැනි වාරිකය ද, විවිධ වැඩසටහන් සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් ද, ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 250 ක් ද හිමි ව තිබෙනවා.

එක්සත් ජනපද ඩොලර් මිලියන 787 ක් වන මෙම මුදල් ප්‍රමාණය මගින් අයවැය ශක්තිමත් කිරීම සහ රටේ බාහිර සංචිත වැඩි දියුණු කිරීම අරමුණු කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

ඩොලර් මිලියන 780 ක විදේශ විනිමය රජයට ගලා ඒමත් සමඟ එය රටේ බාහිර සංචිත ශක්තිමත් කරන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. 2023 අවසන් වන විට බලාපොරොත්තු වූවාට වඩා වැඩි අගයක් ගනිමින් දළ නිල සංචිත ඩොලර් බිලියන 4 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Previous articleශ්‍රී ලන්කන් ගුවන් සේවයට අලුත් සගයෙක් එකතුවෙයි
Next articleIIHS උපාධි හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය සාර්ථකව අවසන් වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here