Home අද සජිත් ආයෙත් බෑ කියයි. SJB ජනාධිපතිධූර අපේක්ෂකත්වය රොෂාන් රණසිංහට.?

සජිත් ආයෙත් බෑ කියයි. SJB ජනාධිපතිධූර අපේක්ෂකත්වය රොෂාන් රණසිංහට.?

2230
0

එළඹෙන ජනාධිපතිවරණයේදී සමඟි ජනබලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂකත්වය වත්මන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට හිමිවීමට බොහෝදුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචිමාර්ග වාර්තා කර තිබේ.

2015 මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයේ පොදු අපේක්ෂකයා බවට පත්වූවා සේ හැකිතාක් කාලයක් ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුව විවේචනය කොට යම් තීරණාත්මක මොහොතකදී ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂය සමඟ එක්වීම රොෂාන් රණසිංහ මහතාගේ උපායමාර්ගය බව තොරතුරු වාර්තා වී තිබේ.

එළඹෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස ප්‍රේමදාස මහතා තරඟයට ඉදිරිපත් වුවහොත් මින් පෙර ජනාධිපතිවරණයේදී දෙවන ස්ථානය ලබාගත් ඔහු මෙවර තුන්වන ස්ථානය දක්වා පසුබසිනු ඇති බව  ඔහුගේ දේශපාලන උපදේශකයින් විසින් ගණිතමය ආකෘති ආශ්‍රයෙන් ඔහුට පැහැදිලි කර දී තිබේ. එම නිසා පාර්ලිමේන්තුවේ පැවති ජනාධිපතිවරණයේදී මෙන් මෙවර ජනාධිපතිවරණයේදීද ඔහු අපේක්ෂකත්වයෙන් ඉවත් වී වෙනත් පුද්ගලයෙකුට අවස්ථාව දිය යුතුය යන්න සජිත් ප්‍රේමදාස මහතාගේ මතය වී ඇත. ක්‍රිකට් අර්බුදය හරහා අමාත්‍ය රොෂාන් රණසිංහ ජාතික නායකයෙකු බවට පත්කරවීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා සිය උපරීම සහයෝගය ලබාදුන්නේ මෙවන් පසුබිමකය.   පසුගිය සමය පුරාම සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු සැසිවාර කිහිපයකදීම රොෂාන් රණසිංහ මහතාගේ ගුණ ගායනා කල අතර ඔහුට සිය පක්ෂය සමඟ එක්වන ලෙසට බැගෑපත් ආයාචනාවක්ද සිදුකරන ලදි.

රොෂාන් රණසිංහ මහතාට රාජයෝගයක් ඇති බවට අනුරාධපුර ප්‍රදේශයේ කූප්‍රකට ශාස්ත්‍රකාරියක් විසින් ප්‍රකාශ කර ඇති බවද පසුගිය සමයේ දේශපාලන ලෝකය තුළ කතාබහට ලක්විය.

එමෙන්ම අද(27දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් රොෂාන් රණසිංහ මහතා පැවසුයේ ක්‍රිකට් ප්‍රශ්නය ‌මීලඟ ජනාධිපතිවරණයෙන් විසඳාගැනීමට තමා බලාපොරොත්තු වන බවයි.

Previous articleගොවීන්ට සින්නක්කර ඉඩම් ලබාදීමේ වැඩසටහනට ජාතික ජනබලවේගයේ දැඩි විරෝධය
Next articleණය උගුලෙන් බේරෙන්න ණය ගන්න එක නවත්වනවා කියන්නේ අන්ධභක්තිකව කියන කතාවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here