Home අද ගොවීන්ට සින්නක්කර ඉඩම් ලබාදීමේ වැඩසටහනට ජාතික ජනබලවේගයේ දැඩි විරෝධය

ගොවීන්ට සින්නක්කර ඉඩම් ලබාදීමේ වැඩසටහනට ජාතික ජනබලවේගයේ දැඩි විරෝධය

1363
0

මෙවර අයවැය මගින් යෝජනා කරන ලද ගොවි ජනතාව වෙත සින්නක්කර ඉඩම් ලබාදීමේ “උරුමය” වැඩසටහනට ජාතික ජනබලවේගයේ දැඩි විරෝධයක් එල්ලවී තිබේ. මෙම වැඩසටහන සිදුකිරීමට ඉඩ නොදෙන බව ප්‍රකාශ කරමින් ජාතික ජනබලවේගය ඔවුන්‌ගේ ගොවි වෘත්තිය සමිති සමඟ එක්ව රටපුරා විරෝධතා පැවැත්වීමට සැලසුම්කර තිබේ.

මෙහි එක් විරෝධතාවයක් පසුගියදා දඹුල්ලේදී පැවැති අතර එහිදී ඔවුන් කියා සිටියේ  “උරුමය” වැඩසටහනට කිසිසේත්ම සිදුකිරීමට ඉඩනොදෙන බවයි.  එමෙන්ම දඹුල්ලේ පැවති මහජන හමුවකදී  ජාතික ජනබලවේගයේ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා මේ සම්බන්ධයෙන් පැවසුයේ මෙවැන්නකි,

“මේවා කාබාසිනියා කරන්න දෙන්න බැහැ. මේ ගොවිපොළවල් ඉඩම් ඉන්දියාවට විකුණනන් දෙන්නේ නැතැව බේරාගන්න ඔනේ. කිරි සම්පත ජල සම්පත බේරාගන්න ඔනෙ. එක එක සංවිධාන එන්න පුළුවන් වතුරටික ඉඩම් ටික ගන්න. අපි කියන්නේ එන්න එපා. කළ දුටු කළ වළ ඉහගන්න ලැස්ති වෙන්න එපා. අපි ඒකට ඉඩදෙන්නේ නැහැ. ලක්ෂගණනින් ජනතාව එක්ක ඒවාට ප්‍රතිචාර දක්වන්න අපි සූදානම්.” යනුවෙනි.

ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභිත සමන්ත විද්‍යාරත්න මහතා ද මෙහිදී අදහස් දක්වමින් පැවසුයේ ඉඩම් විදේශයන්ට විකිණීමට සැලසුම්කරීමක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බැවින් ඒසඳහා ඉඩදිය නොහැකි බවයි. මෙම වැඩසටහන ක්‍රියාත්මක කළහොත් ලක්ෂගණනින් ජනතාව පාරට බස්සවා රට අස්ථාවර කරමින් උද්ගෝෂණ කරන බවටද ඔවුහු ආණ්ඩුවට අභියෝග කරමින් සඳහන් කළහ.

කෙසේවෙතත් නොච්චියාගම දී පැවති වැඩසටහනදී මෙවර අයවැය මගින් යෝජනා කරන ලද ගොවි ජනතාව වෙත සින්නක්කර ඉඩම් ලබාදීමේ “උරුමය” වැඩසටහනට සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුයේ ශ්‍රී ලංකාව අපනයන කෘෂිකර්මයක් වෙනුවෙන් සුදානම් විය යුතු බවයි. ඒ සඳහා ගොවීන්ට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ වරදක් තමා නොදකින බවයි. ෂැංග්‍රිලා හෝටලය වෙනුවෙන් සින්නක්කර ඉඩම් ලබාදීමට හැකි වුවානම් ගොවිජනතාවට සින්නකර ඉඩම් ලබාදීමේ වරද කුමක්දැයි ජනාධිපතිවරයා එහිදී ප්‍රශ්න කළේය.

Previous article“උරුමය” සින්නකර ඔප්පු ලබාදීමේ වැඩසටහන ගොවි ජනතාවට කෙරෙන උපහාරයක්
Next articleසජිත් ආයෙත් බෑ කියයි. SJB ජනාධිපතිධූර අපේක්ෂකත්වය රොෂාන් රණසිංහට.?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here