Home අද ණය උගුලෙන් බේරෙන්න ණය ගන්න එක නවත්වනවා කියන්නේ අන්ධභක්තිකව කියන කතාවක්

ණය උගුලෙන් බේරෙන්න ණය ගන්න එක නවත්වනවා කියන්නේ අන්ධභක්තිකව කියන කතාවක්

1242
0

ණය උගුලෙන් ගැලවීමට ණය ගැනීම නවත්වනවා යැයි පැවසීම අන්ධභක්තික කතාවක් බව  කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසා තිබේ. ආර්ථික සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේබව පවසා ඇති අතර මේ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් මෙසේ සඳහන් කර තිබේ.

“ණය උගුලෙන් අපි මිදෙනවා කියලා හෙට ඉදලා ණය ගන්නේ නැතිව හිටපුවාම ඔක්කොම හරි කියලා එකෙන් අදහස් වෙන්නේ නැහැ. එහෙම උනොත් හරියට ලෙඩෙක්ගේ සේලයින් එක ගැලෙව්වා හා සමාන දෙයක් වෙන්නේ.  ලෙඩෙක් දුර්වල වෙලා ඉන්න අවස්ථාවක ඒ ලෙඩාට හෙට ඉදන් අපි සේලයින් දෙන්නේ නැහැ බත් කවනවා කියලා සේලයින් එක ගැලෙව්වොත් මහා විනාශයක් වෙන්නේ.

2020 ආණ්ඩුව කරපු ලොකුම මෝඩ වැඩේ ඒක. ඒ මොකද තවදුරටත් විදේශ ආයෝජන අරගෙන සංවර්ධන ව්‍යාපෘති කරන්නේ නැහැ කියන කාරණය මත ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් නවතා දැමුවා . සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය , කැළණිවැලි දුම්රිය මාර්ගය , MCC ව්‍යාපෘතිය , මේ වගේ ව්‍යාපෘති ගණනාවක් අපි අතරමඟ නතර කළා. ඒක ආර්ථිකයට දරාගන්න බැරිවුණා. මොකද ඒ දක්වා ආපු ආර්ථික ප්‍රවාහය ඇණහිටියා. රටේ ආර්ථික අර්බුදය ඉක්මන් කරන්න ඒවත් එක හේතුවක්.  මේ නිසා ණය ගන්නේ නැතිව ණය උගුලෙන් බේරෙන්න බැහැ. ණය ගන්න ප්‍රමාණය හැකිතාක් දුරට ආයෝජනයට පළදායි යොදාගනිමින් ණය ගන්න ප්‍රමාණය ක්‍රමාණූකූලව අඩුකරන්න ඔනෙ. ඒදේ හරියට ක්‍රියාත්මක කළොත් අවුරුදු 10 ක් වගේ කාලයක් තුළ ණය ගන්න අවශ්‍යතාවය ඉතාම පහළ මට්ටමට ගේන්න අපිට පුළුවන් වේවි. ඒවා දිගුකාලීනව තමයි කළ යුත්තේ. එකපාරම කරන්න ගියොත් සම්පුර්ණයෙන්ම ආර්ථිකය කඩන් වැටෙනවා. එහෙම නැතින ණය උගුලෙන් බේරෙන්න ණය ගන්න එක නවත්වනවා කියන්නේ අන්ධභක්තිකව කියන කතාවක් කියලයි මම හිතන්නේ.”

ප්‍රියංග දුනුසිංහ මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන සාකච්ඡාව පහතින්,

 

 

Previous articleසජිත් ආයෙත් බෑ කියයි. SJB ජනාධිපතිධූර අපේක්ෂකත්වය රොෂාන් රණසිංහට.?
Next articleරනිල් නයෙක් කියලා මම කිව්වේ නෑ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here