Home අද රනිල් නයෙක් කියලා මම කිව්වේ නෑ

රනිල් නයෙක් කියලා මම කිව්වේ නෑ

1627
0

තමා සිදු නොකළ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවාවී සිදු කිරීම සම්බන්ධයෙන් අද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා රොෂාන් රණසිංහ අමාත්‍යවරයාට චෝදනා කරනු ලැබුවා.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් රොෂාන් රණසිංහ අමාත්‍යවරයා සිය කතාව අතරතුර මෙම සංවාදය ඇති වුනා.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ජනපති රනිල් වික්‍රමසිංහ නයෙක් බවත් ඔහු කුමන වෙලාවේ දෂ්ඨ කරාවිදැයි නොදන්නා බැවින් තමන්ට ප්‍රවේශමෙන් සිටින ලෙස සිය මිත්‍රයකු සමඟ සුපිරි හෝටලයකදී සඳහන් කර ඇති බව අමාත්‍ය රොෂාන් රණසිංහ කියා සිටියා.

මෙහිදී නැගී සිටි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් එවැනි ප්‍රකාශයක් නොකළ අතර එය සම්පූර්ණයෙන්ම අසත්‍යක් බව කියා සිටියා. තමන්ට පැවසීමට දෙයක් ඇත්නම් රොෂාන් රණසිංහ ඔහුගේ මිතුරෙකු බැවින් එය ඔහුට කෙලින්ම ප්‍රකාශ කිරීමට හැකියාවක් ඇති බැවින් එම ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා ලෙසයි.

එමෙන්ම පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී බොරු පවසා ජනතාවට මඩ ගැසීම වැඩි වශයෙන් සිදුවන නිසා ස්ථාවර නියෝග වෙනස් කිරීම හැකි ඉක්මනින් කලයුතු බවද මන්ත්‍රීවරයා කතානායවරයාට කියා සිටියා.

එහිදී අදහස් දක්වමින් අමාත්‍ය රොෂාන් රණසිංහ පැවසුවේ තමන්ගේ සුපිරි හෝටලයේදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසූ දේ තමන්ට කියා සිටි ඔවුන් දෙදෙනාගේම මිතුරා එය ඉතා වගකීමෙන් පැවසු බවත් එහි අසත්‍යක් ඇත්නම් එය ඉල්ලා අස්කරගැනීමට තමන් සුදානම් බවයි.

එමෙන්ම සතියකට පෙර පාර්ලිමේන්තුවේදී තමන්ට ප්‍රවේශමෙන් සිටින ලෙසට නාමල් රාජපක්ෂ මහතා කියූ බවත් 2010 වසරේ සිට මහින්ද රාජපක්ෂ මහතාව රැකගත් පුද්ගලයකු ලෙස තමන්ට එයපැවසීම එතුමාගේ යුතුකමක් බවත් අමාත්‍ය රොෂාන් රණසිංහ මෙහිදී සඳහන් කළා.

Previous articleණය උගුලෙන් බේරෙන්න ණය ගන්න එක නවත්වනවා කියන්නේ අන්ධභක්තිකව කියන කතාවක්
Next articleරොෂාන් රණසිංහව අමාත්‍ය ධුරවලින් ඉවත් කෙරේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here