Home අද සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදී පැවැත්වීමට යයි

සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදී පැවැත්වීමට යයි

1950
0

සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදී පැවැත්වීමට නියමිත අතර, උසස් පෙළ විභාගය සඳහා දරුවෙක් අවුරුදු 17 දී පෙනී සිටිය හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අද (22දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අවුරුදු 04 සම්පූර්ණ වූ දරුවන් අනිවාර්යයෙන්ම පෙර පාසලට ඇතුළත් කළ යුතු බවත් මීට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත බවත් අමාත්‍යවරයා කීවේය.

“අපි යෝජනා කරලා තියෙනවා Pre Primary එක පටන් ගන්න. වයස අවුරුදු 4 සම්පූර්ණ වෙන දරුවන් පෙරපාසල් ගත කරන්නම ඕනේ. කාටහරි එහෙම නොමිලේ යවා ගන්න බැරි නම් අපි හඳුන්වා දෙන ක්‍රමය තුළ අපි ඒ අයට ආසන්නම පාසලක ඕනේ තරම් ඉඩ තියෙනවා. ළමයි 200ට අඩු පාසල් 4,000ක් තියෙනවා. ළමුන් 100ට අඩු පාසල් 2,900ක් තියෙනවා. ඉතාම පහසුවෙන් ග්‍රාමීය මට්ටමින් නොමිලේ Pre Primary එක කරන්න අපිට ඉඩදෙන්න පුළුවන්. මේ වනවිට ඒ වැඩසටහන ජාතික අධ්‍යාපන ආයතනය හදලා ඉවරයි. ඒ අයගේ ඇකඩමික් කවුන්සිල් එකට දාලා අනුමත කරලා ගේනවා. පළාත් මට්ටමට භාරදීලා ඒ හරහා පෙරපාසල් දැනට ඉන්න පාලිකාවන් පුහුණු කරනවා. අලුතින් එන අයව පුහුණු කරනවා. ඒ අයට සහතික පත්‍ර පාඨමාලාවක්, ඩිප්ලෝමා පාඨමාලාවක් සහ උපාධිය දක්වා හඳුන්වා දෙනවා. ඒ අයට යම් කාලයක් දෙනවා මේ ටික සම්පූර්ණ කරන්න. ඒක හඳුන්වාදීමත් එක්ක තමා දැනට 11 තියෙන සාමාන්‍ය පෙළ 10ට ගේන්න හදන්නේ. එතකොට අවුරුදු 4 ඉඳලා ගණනය කරගෙන යනකොට දරුවෙක් අවුරුදු 15න් සාමාන්‍ය පෙළ ලියනවා. 17 දී උසස් පෙළ ලියනවා. එතකොට වයස්ගත වීම අඩුවෙනවා.” යැයි පැවසීය.

Previous articleමැතිවරණ පැවැත්වෙන දින ජනාධිපති කියයි
Next articleගාසා තීරයට දේශපාලන විසඳුමක් අවශ්‍යයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here