Home අද සනත් නිශාන්තට සති 02 ක් පාර්ලිමේන්තුව තහනම්

සනත් නිශාන්තට සති 02 ක් පාර්ලිමේන්තුව තහනම්

1966
0

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට සති දෙකක් පාර්ලිමේන්තුවට පැමිණීම තහනම් කරීමට කටයුතු කළ බව කථානායක මහින්ද යාපා මහතා අද(22දා) පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුව තුළ විශේෂ ප්‍රකාශයක් කරමින් සිටියදී එයට බාධාකරමින් පාර්ලිමේන්තුව තුළ කළබලකාරී තත්වයක් ඇතිකිරීම හේතුවෙන් මෙම දඩුවම ලබාදී තිබේ.

විපක්ෂනායකවරයා 27/2 යටතේ ප්‍රශ්නයක් ඉදිරිපත්කරමින් සිටින අවස්ථාවේදී ඔහුගේ ප්‍රශ්නය සඳහන්ව තිබූ පත්‍රිකාව උදුරාගනමින් සහ කතාවට බාධාකරමින් සනත් නිශාන්ත මන්ත්‍රීවරයා විපක්ෂනායකවරයාට බාධා කළේය.

ඊයේ(21දා) පාර්ලිමේන්තුව තුළ ඇතිවු එම කළබලකාරී තත්වය පිළිබඳ විශේෂ පරීක්ෂණයක් සිදුකරන බවද කථානායකවරයා සඳහන් කළේය.

Previous articleඅයවැය සම්මතයි
Next articleමැතිවරණ පැවැත්වෙන දින ජනාධිපති කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here