Home අද අයවැය සම්මතයි

අයවැය සම්මතයි

1851
0

2024 වසර සඳහා වන අයවැය අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (21) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි.

එහිදී අයවැය ට පක්ෂව ඡන්ද 122ක් සහ විරුද්ධව ඡන්ද 77ක් හිමිවිය.

ඒ අනුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ 2024 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීම සම්මතවූ බවය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පසුගිය නොවැම්බර් මස 13 වනදා ලබන වර්ෂය සඳහා වූ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙට (22) දිනයේ සිට දෙසැම්බර් 13 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

 

Previous articleඩොලර් මිලියන 110ක ආයෝජනයක් සමග ලංකාවේ තෙල් ව්‍යාපාරයට එන ඇමරිකානු සමාගම
Next articleසනත් නිශාන්තට සති 02 ක් පාර්ලිමේන්තුව තහනම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here