Home අද කෙහෙළියගෙන් සෞඛ්‍ය ඇමතිකම ගලවයි

කෙහෙළියගෙන් සෞඛ්‍ය ඇමතිකම ගලවයි

1941
0

සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉවත් කර නව සෞඛ්‍ය අමාත්‍යවරයෙක් පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(23දා) කටයුතු කර තිබේ. ඒ අනුව මෙතෙක් වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරය දැරු රමේෂ් පතිරණ මහතා එම අමාත්‍ය ධුරයෙන් ඉවත් කර නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර ඇත.

මීට අමතරව අමාත්‍යවරු කිහිපදෙනෙකුගේ අමාත්‍යාංශ වෙනස්කරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.

ඒ අනුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරය මහින්ද අමරවීර මහතාට ලබා දී ඇති අතර  කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පරිසර අමාත්‍ය ධුරය ලබාදී ඇත.  රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයක් ස්ථාපිත කර රංජිත් සියඹලාපිටිය මහතාට එය ලබාදී ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්කරන ලෙසට විවිධ පාර්ශව අදහස් දක්වා තිබුණු අතර පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ද ඉදිරිපත්විය.

Previous articleIMF ගිවිසුමෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම වේගවත් කෙරුණා – මුදල් රාජ්‍ය
Next articleඉන්ධන හිඟයක් ගැන අනිසි බියක් එපා – තෙල් ඇමති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here