Home අද ජාත්‍යන්තර ආර්ථිකය සමග තරඟකිරිමට නම් ලෝකයේ විශ්වාසය දිනාගත යුතුයි – සාගල රත්නායක

ජාත්‍යන්තර ආර්ථිකය සමග තරඟකිරිමට නම් ලෝකයේ විශ්වාසය දිනාගත යුතුයි – සාගල රත්නායක

3164
0

ජාත්‍යන්තර ආර්ථිකය සමග තරග කිරීමටනම් ලෝකයේ රටවල විශ්වාසය දිනාගත යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජේෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා  පැවසීය.

ඒ සඳහා ජාත්‍යන්තරයේ පවතින සම්මත නීති රෙගුලාසී සමග අප ද අනුගතවිය යුතු බවත් ඊට අනුකූලව ආර්ථිකය හසුරුවාගැනීම මගින් ජාත්‍යන්තර ආර්ථිකය සමග ඉදිරියට යා හැකි බවත් සාගල රත්නාක මහතා පෙන්වා දුන්නේය.

ඒ මහතා මේබව සඳහන් කර සිටියේ කොළඹ රාජ්‍කීය විද්‍යාලීය ලියෝ සමාජය විසින් සංවිධානය කළ තෝරාගත් ආගමික ස්ථාන පාසල් හා වැඩිහිටි නිවාස වලට උපකරණ කට්ටල බෙදාදීම වෙනුවෙන් අද(21දා) පැවති උත්සවයකට සහභාගීවෙමිනි.

කොළඹ රාජකීය විද්‍යාලීය ශ්‍රවණාගරයෙදී පැවති මෙම උත්සවයේ දී චීන රජයේ අනුග්‍රහය යටතේ ලබාදෙන සුර්ය බල පද්ධති බෙදාදීම පාසල් කිහිපයකට ක්‍රිකට් උපකරණ කට්ටල ලබාදීම සහ තෝරාගත්  පාසල් සිසුන් සඳහා පාසල් බෑග් ලබාදිම සිදුකෙරිණි.

ආර්ථික කළමනාකරණය විනිවිධභාවයකින් සිදුකිරීම මගින් ජාත්‍යන්තර ආයෝජකයාගේ විශ්වාසය ඇතිවෙන බවත් ආයෝජකයින් සිය මුල්‍ය යොදවන්නේ සුරක්ෂිත ආර්ථිකයක් හිමි රටවල් සමග බවත් රත්නායක මහතා පෙන්වා දුන්නේය.

එබැවින් ආයෝජකයින්ට සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම ආණ්ඩුවේ වගකීම වන අතර ඒ සඳහා ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බව  පැවසූ ඒ මහතා පුරවැසියාගේ වගකීම ආයෝජකයින්ගේ විශ්වාසය තහවුරු වන ආකාරයට කටයුතු කිරීම බවද පැවසීය  .

2048 වන විට ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත්කිරිමට නම් 2050 වන පරිසරයට එනතුවන විෂවායු අවම කිරීම හා පරිසර හිතකාමී (NEX-0)  වැඩසටහන ආරම්භකිරීමටත් ජානාධිපතිතුමා ප්‍රතිඥාදී තිබෙන බව සඳහන් කළ සාගල රත්නායක මහතා එම වැඩසටහන සඳහා සියලු පුරවැසියන්ගේ දායකත්වය අපේක්ෂා කරන බව වැඩිදුරටත් පැවසීය.

විදුලි හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර , ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති ලියෝ සමාජිකයෝ රාජකීය විද්‍යාලයේ ගුරුවරුන් සිසුදරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවටය එක්ව සිටියහ.

Previous articleවේගයෙන් ව්‍යාප්ත වන නීපා වෛරසය ගැන දැනගන්න
Next articleජනපති හා ඇමෙරිකා ජනපති ජෝ බයිඩ්න් මහතා අතර හමුවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here