Home අද ජනපති හා ඇමෙරිකා ජනපති ජෝ බයිඩ්න් මහතා අතර හමුවක්

ජනපති හා ඇමෙරිකා ජනපති ජෝ බයිඩ්න් මහතා අතර හමුවක්

3932
0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පසුගියදා නිව්යෝර්ක් නුවරදී සිදුවී තිබේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගි වූ සියලු රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා විසින් පිරිනැමූ රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුරදී මෙම හමුව සිදුවු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙහිදී ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාව ඉතා මිත්‍රශීලිව පිළිගත් අතර සුහද කථා බහකින් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය බයිඩ්න් යුවළ සමඟ සමූහ ඡායාරූපයකට ද එක් වූහ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Previous articleජාත්‍යන්තර ආර්ථිකය සමග තරඟකිරිමට නම් ලෝකයේ විශ්වාසය දිනාගත යුතුයි – සාගල රත්නායක
Next articleලෝකයේ සියලුම ජීවී විශේෂවල අනාගතය වෙනුවෙන් පෘථිවිය ආරක්ෂා කර ගැනීම අපගේ ප්‍රමුඛතාවය විය යුතුයි – ජනපති ජගත් සමුළුව අමතමින් අවධාරණය කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here