Home අද වේගයෙන් ව්‍යාප්ත වන නීපා වෛරසය ගැන දැනගන්න

වේගයෙන් ව්‍යාප්ත වන නීපා වෛරසය ගැන දැනගන්න

4736
0

ඉතාම වේගයෙන් මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වන “නීපා” වෛරසය මේ වනවිට ඉන්දියාව, බංගලාදේශය, සිංගප්පූරුව සහ පිලිපීනය යන රටවලටත් ව්‍යාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භයානක වෛරසය වවුලන්ගෙන් සහ ඌරන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වී ඉන්පසු මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වන වෛරසයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවමින් සදහන් කරයි.

“නීපා” වෛරසයේ ආසාදිතයින් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වු අතර මෙම වෛරසය පළමුවෙන් හඳුනා ගැණුනේ 1999 වසරේ මැලේසියාවේ ඌරු ගොවිපොලකිනි.

මෙවර ඉන්දියාවේ ‘නීපා’ වයිරස ආසාදිතයන් වාර්තා වී ඇත්තේ කේරළ ප්‍රාන්තයෙන් වන තඅර  මේ වනවිට කේරළයෙන් ආසාදිතයන් පස් දෙනකු හමුවී ඇත. වයිරස ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හඳුනා ගෙන ඔවුන්ට ද වයිරසය ආසාදනය වී ඇතැයිදැයි සෙවීමට පරීක්ෂණ සිදු කරන බව කේරළ සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කර ඇති අතර වෛසරය වැළඳී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

නීපා (Nipah) වෛරසය

 

නීපා Nipah වෛරසය (NiV) යනු සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වන  (zoonotic Virus) වෛරසයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් හදුනාගෙන තිබේ. දූෂිත ආහාර මගින් හෝ මිනිසුන් අතර සෘජුවම සම්ප්‍රේෂණය විය හැකි මෙම වෛරසය මගින් ආසාදිත පුද්ගලයින් තුළ, එය රෝග ලක්ෂණ රහිත තත්වයේ සිට   උග්‍ර ශ්වසන රෝග සහ මාරාන්තික එන්සෙෆලයිටිස් දක්වා රෝග ගණනාවක් ඇති කරන බව හදුනාගෙ තිබේ. මෙම වෛරසය ඌරන් වැනි සතුන්ට ද දරුණු රෝග ඇති කළ හැකි අතර, ගොවීන්ට වැළඳීමේ හැකියාව ඉහළ බව හදුනාගෙන තිබේ.

නීපා Nipah වෛරසය පැතිරීම සම්බන්ධයෙන් ආසියාවේ ස්ථාන කිහිපයක් පමණක් වාර්තා වී ඇති අතර එය පුළුල් පරාසයක සතුන් ආසාදනය කරන අතර මිනිසුන් තුළ දරුණු රෝග හා මරණ ඇති කරන මහජන සෞඛ්‍ය ගැටළුවක් බවට පත් වීමේ අවධානය ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2018 වසරේදී ප්‍රකාශයට පත්කර තිබේ.

වසංගතයේ අතීතය

නීපා Nipah වෛරසය මුලින්ම හඳුනාගෙන ඇත්තේ 1999 දී මැලේසියාවේ ඌරු ගොවීන් අතර පැතිරීමකදීය. 1999 න් පසු මැලේසියාවේ මේ සම්බන්ධයෙන් කිසිදු නව වාර්තා වීමක් සිදුව නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

එය 2001 දී බංග්ලාදේශයේ ද හඳුනාගෙන ඇති අතර, එතැන් සිට එම රට තුළ වාර්ෂිකව පැතිරී ඇත. මෙම රෝගය නැගෙනහිර ඉන්දියාවේ ද වරින් වර හඳුනාගෙන ඇත.

කාම්බෝජය, ඝානාව, ඉන්දුනීසියාව, මැඩගස්කරය, පිලිපීනය සහ තායිලන්තය ඇතුළු රටවල් ගණනාවක  වෛරසය පිළිබඳ සාක්ෂි සොයාගෙන ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබේ.

පැතිරීම

මැලේසියාවේ පළමු හඳුනාගත් වෛරස පැතිරීමේදී  බොහෝ මිනිස් ආසාදන වී ඇත්තේ රෝගී ඌරන් හෝ ඔවුන්ගේ දූෂිත පටක සමඟ සෘජුව සම්බන්ධ වීමෙනි. ඌරන්ගෙන් පිටවන ස්‍රාවයන්ට අනාරක්ෂිතව නිරාවරණය වීමෙන් හෝ රෝගී සතෙකුගේ පටක සමඟ අනාරක්ෂිතව සම්බන්ධ වීමෙන් සම්ප්‍රේෂණය සිදුවී ඇතැයි සැලකේ.

පසුකාලීනව බංග්ලාදේශයේ සහ ඉන්දියාවේ ඇති වූ වෛරස ව්‍යාප්ත වලදී, ආසාදිත පළතුරු වවුලන්ගෙන් මුත්‍රා  ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබේ.

ආසාදිත රෝගීන්ගේ පවුලේ අය සහ උපස්ථාන කරන්නන් අතර ද නිපා වෛරසය මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වීම හදුනාගෙන තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

රෝග ලක්ෂණ

මෙම වෛරසයේ රෝග ලක්ෂණ ලෙස තද උණ, වමනය, ස්වසන ආසාදන යන රෝගී තත්ත්වය උත්සන්න වුවහොත් මොළයේ ඉදිමීමක් තෙක් එය වර්ධනය විය හැකි බවද වෛද්‍යවරු අනතුරු අගවයි.

මෙම වෛරසය ආසාදනයේ සිට රෝග ලක්ෂණ ආරම්භය දක්වා කාල පරාසය දින 04 සිට 14 දක්වා පරාසයක පවතින බව හදුනාගෙන ඇති අතර කෙසේ වෙතත්, දින 45 ක් වැනි දිගු කාලයක් පුරාවට රෝගය පැවතිය හැකි අවස්ථාද වාර්තා වී තිබේ. කෙසේවෙතත් වසංගත රෝග නිරීක්ෂණ සහ සායනික කළමනාකරණය සඳහා දේශීය හැකියාවන් මත මෙම අනුපාතය පැතිරීම  රට රටවල  වෙනස් විය හැකි බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ.

ප්‍රතිකාර

නිපා වෛරස් ආසාදනය සඳහා නිශ්චිත ඖෂධ හෝ එන්නත් දැනට නොමැත. දැඩි ශ්වසන සහ ස්නායු සංකූලතා සඳහා ප්‍රතිකාර කිරීම සඳහා දැඩි ආධාරක සත්කාර නිර්දේශ කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබේ.

ආරක්ෂාවීමට

  1. සබන් හා වතුරෙන් නිතිපතා අත් සේදීමට පුරුදු වන්න
  2. අසනීප තත්වයක් පෙන්නුම් කරන වවුලන් හෝ ඌරන් ඇති ප්‍රදේශවලට නොයන්න.
  3.     වවුලන් වැඩිපුර ගැවසෙන ප්‍රදේශ වලින් ඈත්වන්න
  4. වවුලන් හෝ වෙනත් සතුන් විසින් විසින් හානි කර ඇති පළතුරු අනුභව කිරීමෙන් හෝ යුෂ පානය කිරීමෙන් වළකින්න.
  5. නීපා ආසාදනය වී ඇති බව දන්නා හෝ රෝග ලක්ෂණ පෙන්නුම් කරන ඕනෑම පුද්ගලයෙකුගේ රුධිරය හෝ ශරීර තරල සමඟ සම්බන්ධ වීමෙන් වළකින්න

 

Previous articleජනපතිගේ සංවාදය විද්වතුන් රැසකගේ ප්‍රසාදයට
Next articleජාත්‍යන්තර ආර්ථිකය සමග තරඟකිරිමට නම් ලෝකයේ විශ්වාසය දිනාගත යුතුයි – සාගල රත්නායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here