Home අද පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි

පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි

23716
0

“පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලත් නිලන්ත ජයවර්ධන සහ දේශබන්දු තෙන්නකෝන් යන නියෝජ්‍ය පොලිස්පතිවරුන් එම තනතුරුවලින් ඉවත්කළ යුතු බව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළේය.

ඒමෙන්ම 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 වීඩියෝ පටය සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙස ද කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඉල්ලා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරමින් කාදිනල් රංජිත් කාදිනල්තුමා ඉල්ලා සිටියේ චැනල් 4 සිය වැඩසටහනෙන් හෙළි කළ දේ, ඛේදවාචකය පිටුපස ඇතැයි කියන කුමන්ත්‍රණය, වීඩියෝවේ සඳහන් සියලු කරුණු සහ පුද්ගලයින් සම්බන්ධයෙන් නිදහස්, අපක්ෂපාතී, විනිවිදභාවයෙන් සහ පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

“පරීක්ෂණය සිදු කළ යුත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ   නිලධාරීන්ගේ සහය ඇති ස්වාධීන ජාත්‍යන්තර කණ්ඩායමක් මගින් බවද හෙතෙම පැවසීය.

“මෙම සිදුවීම සම්බන්ධයෙන් චෝදනා ලද පොලිසියේ සහ ආරක්‍ෂක අංශවල සිටි, පරීක්‍ෂණ පවතින, ඉහළ තනතුරු දරන නිලධාරීන් වහාම වැඩ තහනම් කළ යුතු බවද. චැනල් ෆෝ නාළිකාවෙන් නම් කර ඇති පුද්ගලයින් පරීක්ෂණවලට පෙර ඉවත් විය යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු දන්නා සියලුම පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක අංශ නිලධාරීන්  සත්‍ය හෙළි කරන ලෙස අගරදගුරු හිමිපාණන් ඉල්ලීමක් කළේය.

මේ අතර සත්‍ය හෙළිදරව් කරන ලෙස ඉල්ලා සියලු දේවස්ථානවල සැප්තැම්බර් 8 වැනිදා විශේෂ යාඥාවන් පවත්වන ලෙසද වීඩියෝ පටය එළිදැක්වීම ගැන කාදිනල්තුමා චැනල් 4 නාලිකාවට ද ප්‍රශංසා කරන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
May be an image of text
May be an image of text

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,

“අපි චැනල් 4 නාළිකාවට කෘතඥතාව පළ කරනවා. අපිට වැදගත් නාලිකාවේ පැරණි හැසිරීම නොවෙයි. අපේ ප්‍රශ්නය ගැන ඉදිරිපත් කළ කරුණුයි වැදගත්. ඉදිරියට කඩිනමින් කළ යුතු වන්නේ. චැනල් 4 ඉදිරිපත් කළ කරුණු සහ පුද්ගලයන් පිළිබඳ අපක්ෂපාතී විනිවිදභාවයෙන් යුත් විමර්ශනයක් අරඹන්න. විමර්ශනය කළ යුත්තේ ස්වාධීන ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක්. විමර්ශනය ස්වාධීනව සිදුකිරීමට. විමර්ශනයට ලක්වන සියලු නිලධාරීන්ගේ සේවය අත්හිටුවන්න. රජය අපේ යෝජනා ක්‍රියාත්මක කරයි කියලා බලාපොරොත්තු වෙනවා.”

මාධ්‍යවේදියා – පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව ඉදිරිපත් කළ වාර්තාව ඔබවහන්සේ පිළිගන්නවා ද නැද්ද?

“මම එය විමර්ශනයක් කර පිළිගන්න සූදානම්. විමර්ශනයක් නැතුව පිළිගන්නේ නැහැ”

මාධ්‍යවේදියා – මේ ප්‍රශ්නගත චැනල් 4 වීඩියෝ එකේ ඔබවහන්සේගේ ප්‍රකාශ අන්තර්ගත වෙනවා. එක තැනක දී ඔබවහන්සේ කියනවා මේක බලය ලබාගැනීමට කරපු කුමන්ත්‍රණයක්. ඊට රජයේ ප්‍රබල පුද්ගලයන් සම්බන්ධයි කියලා ඔබවහන්සේගේ වචනයෙන් කියනවා. මේ වීඩියෝ එකේ හෙළිදරව් කරපු කරුණුවලට අමතරව ඔබවහන්සේ මොනවගේ කරුණක් මත පදනම් වෙලා ද එම ප්‍රකාශය කළේ. ඔබවහන්සේ මීට වඩා තොරතුරු දන්නවාද ?

“මුල දී ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා හිතුවා. නමුත් පසුව අදහස වෙනස් කරගත්තා. රජය ඇල්මැරුණු ආකල්ප ක්‍රියාත්මක කළේ. ඔවුන්ගේ සම්බන්ධයක් තියෙනවා ද කියන සැකය ඇතිවුණා. එතකොට ජනවිඥානය කියන්න ගත්තා කුමන්ත්‍රණයක් කියලා. ජනාධිපති කොමිසම් වාර්තාවේ කරුණුත් සැකයට තුඩුදුන්නා.” යනුවෙන් උන්වහන්සේ අදහස් දක්වමින් කියා සිටියා.

Previous articleමෛත්‍රී දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
Next articleමම කාදිනල් සමඟ සමීපව වැඩ කලා. ප්‍රහාරයට කිසිම සම්බන්දයක් නෑ – ගෝඨාභය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here